අඩුම පන්දු ගණනකින් IPL ලකුණු 5000 සීමාව පසුකල ක්‍රීඩකයින්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ලොව ක්‍රිකට් ලීග් අතුරින්ම තරගකාරී බවින් වැඩිම ක්‍රිකට් ලීග් තරගාවලිය ලෙස හැදින්වීමට හැකිය. 2008 වසරේ ආරම්භ වූ ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙ ලකුණු 5000 සීමාව පසුකල හයවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ඒ.බී.ඩිවිලියස් අද සමත්වුනා.

ඔහු මෙම කඩයිම වෙත ලගාවූ දෙවන විදෙස් ක්‍රීඩකයා මෙන්ම එම කඩයිම වෙත ලගාවීම සදහා අඩුම පන්දුගණනක් රැස් කල පිතිකරුවාද ඒබ්‍රහම් බෙන්ජමින් ඩිවිලියස්ය.

අයි.පී.එල් ලකුණු 5000 සීමාවට ලගාවූ පිතිකරුවන් , ඉනිම ගණන සහ ඊට වැය කල පන්දුගණන පහත දැක්වේ.

1 : ඒ.බි.ඩිවිලියස් : ඉනිම් 161 : පන්දු 3228
2 : ඩේවිඩ් වෝනර් : ඉනිම් 135 : පන්දු 3554
3 : සුරේෂ් රයිනා : ඉනිම් 173 : පන්දු 3620
4 : රෝහිත් ශර්මා : ඉනිම් 188 : පන්දු 3817
5 : විරාට් කෝලි : ඉනිම් 157 : පන්දු 3827
6 : ශිකර් ධවාන් : ඉනිම් 168 : පන්දු 3956

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගෙන් අයි.පී.එල් පිටියේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධනයි. ඔහු විසින් ලකුණු 1802ක්  ලබාගෙන ඇති අතර මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ  වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩක ලැයිස්තුවේ මහේල ජයග්‍රහණය 45වන ස්ථානයේ රැදී සිටියි.

Naveen Krishmal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *