අද තරඟයේ විශිෂ්ඨ ශතකයක් ලබාගත් කුසල් පෙරේරාගේ ඔබ නොදන්නා කරුණු හා ඡායාරූප කිහිපයක්
තරඟ තුනකින් සමන්ව්ත එක්දින තරඟාවලියේ තුන්වෙනි තරඟය අද (28) අවසන් වූ අතර තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කෙසේ නමුත් තරඟ 2/1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වූයේ බංගලාදේශ කණ්ඩායමයි.
අද තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 286ක් ලබාගැනීමට සමත් විය. පිලිතුරු ඉනිම වෙනුවෙන් බංගලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 189ක් පමණයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් නායක කුසල් ජනිත් පෙරේරා සිය 6 වන එක්දින ශතකය ලබා ගැනීමට සමත් විය.
(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)1990 අගෝස්තු 17 වන දින කලුබෝවිලදී උපත ලැබූ කුසල් ජනිත් පෙරේරා කොට්‍ටාව ධර්මපාල මහා විද්‍යාලයේ හා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපන ලැබූ අතර වයස අවුරුදු 11 දී ක්‍රිකට් ආරම්භ කළ ඔහු වයස අවුරුදු 11 සිට වසර 2ක් දකුණත් පිතිකරුවෙක් ලෙස පන්දුවට පහර දී ඇති නමුත්, ඔහුගේ කුඩා කල ක්‍රිකට් වීරයා සනත් ජයසූරිය බැවින්, කුසල් ජනිත් පෙරේරා වයස 13 දී වමත් පිතිකරුවෙක් ලෙස වෙනස් වී ඇති බව වාර්ථා වේ.

2013 දී පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගන්නා කුසල් ජනිත් පෙරේරා පලමු එක්දින තරඟය 2013 ජනවාරි 13 වන දින ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන අතර එහිදී ඔහු නොදැවී ලකුණු 14ක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. එතැන් සිට අද දක්වා එක්දින තරඟ 104ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ලකුණු 2989ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ලකුණු 31.79ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන ඇති ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ ශතක 6ක් හා අර්ධ ශතක 14කට හිමිකම් කියයි.

2013 ජනවාරි 26 වන දින ඕස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනාගන්නා අතර එම තරඟයේදී ඔහු ලකුණු 33ක් ලබාගැනීමට සමත් වි තිබෙනවා. මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 47ක් ක්‍රීඩා කර ඇති කුසල් පෙරේරා ලකුණු 1293 ලබා ගැනීමට සමත් වී ඇත්තේ ලකුණු 28.10ක පිතිකරණ සාමාන්‍යයක්ද රදවාගනිමි. ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතක 12කට හිමිකම් කියන ඔහු 2015 පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවතී තරඟයකදී පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පන්දු 17කින් වේගවක් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.
2015 දී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනාගන්නා කුසල් ජනිත් පෙරේරා පලමු තරඟයේදීම ඉනිම් දෙකේදී අර්ධ ශතක රැස් කිරීමට සමත් වෙන්වා. කුසල් පෙරේරා මේ වන විට ටෙස්ට් තරඟ 22කට සහභාගී වෙමින් ලකුණු 1177ක් ලබාගෙන ඇති අතර ලකුණු 30.97ක පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන සිටී. ඔහු විසින් ශතක 2ක් හා අර්ධ ශතක 7කට හිමිකම් කියන අතර ඔහු ක්‍රීඩා කළ හොඳම ඉනිම වනුයේ 2019 දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 153 වේ. එම තරඟයේදී ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ජයග්‍රහණයක් ලබා දීමට ඔහු සමත් විය.
මේ වන විට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලැබී ඇත්තේද කුසල් ජනිත් පෙරේරාට වේ. වයස අවුරුදු 30ක් වන ඔහු මේ වන විට ජාත්‍යන්තර තරඟ 3කට නායකත්වය ලබා දෙමින් තරඟ 2ක් පරාජයට පත් වී එක් තරඟයක් ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත.
01)
02)
03)