අද පැවතී පන්දුවාර 50, පෙර පුහුණු තරඟයෙන් දනන්ජය ද සිල්වාවාගේ කණ්ඩායම ජයග්‍රහණය වාර්ථා කරයි.

එලඹෙන දකුණු අප්‍රිකානු තරඟාවලිය ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා පුහුණු සංචිතය අද (29)  Inter Squad  පන්දුවාර 50 පුහුණු තරඟයක් පැවැත්වුවා.


කණ්ඩායම් දෙකේ නායකයින් ලෙස ධනන්ජය ද සිල්වා සහ දසුන් ශානක කටයුතු කල අතර , පලමුවෙන් පන්දුවට පහර දුන් ධනන්ජය ද සිල්වාගෙ කණ්ඩායම  පන්දුවාර 28 යි එක් පන්දුවකදී (28.1) කඩුලු හයක් දැවී ලකුණු 147 ක් ලබාගත් අතර එහිදී වනිඳු හසරංග පන්දු 59 කදී නොදැවී ලකුණු 68 ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. මීට අමතරව මිනෝද් භානුක පන්දු 32 ක් තුලදී ලකුණු 21 ක් ද භානුක රාජපක්ෂ පන්දු 19 කින් ලකුණු 14 ක්ද සහ චාමික කරුණාරත්න පන්දු 24 කින් ලකුණු 14 ක්ද රැස් කිරීමට සමත්විය.


දසුන් ශානකගේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ලහිරු මධුෂංක පන්දුවාර හතරකදී ලකුණු 09 ක් පමණක් ලබාදෙමින් කඩුලු තුනක් බිඳ හෙලීමට සමත්විය. අකිල ධනන්ජය ලකුණු 46 කට කඩුලු දෙකක් සහ මහීෂ් තීක්ෂණ ලකුණු 29 ට එක් කඩුල්ලක්ද බිඳ හෙලීමට සමත්විය. කෙසේනමුත් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරඟය පන්දුවාර 30 කට සීමා කිරීමට සිදුවිය.


ඒ අනුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දසුන් ශානකගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 30 තුලදී ජයග්‍රහණය සඳහා ලකුණු 165 ක ඉලක්කයක් හිමිවුනා. කෙසේනමුත් පන්දුවාර 27 ක් තුලදී කඩුලු 9 ක් දැවී දසුන් ශානකගෙ කණ්ඩායමට ලබගත හැකිවූයේ ලකුණු 128 ක් පමණයි. එහිදී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 46 ක් තුලදි ලකුණු 40 ක් රැස් කල අශේන් බණ්ඩාරයි. ලහිරු මධුෂංක පන්දු 41 ක් තුල ලකුණු 36 ක් රැස් කල අතර අකිල ධනන්ජය නොදැවී ලකුණු 16 ක් රැස් කිරීමට සමත්වුනා.


ධනන්ජය ද සිල්වාගෙ කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේදී ලහිරු කුමාර පන්දුවාර හතරක් තුලදී ලකුණු 12 ක් පමණක් ලබාදෙමින් කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත්වුනා. ඊට අමතරව පුලින තරංග ලකුණු 26 කට කඩුලු දෙකක්ද , බිනුර ප්‍රනාන්දු ලකුණු 11කට එක් කඩුල්ලක්ද ,රමේෂ් මෙන්ඩිස් ලකුණු 13 ට එක් කඩුල්ලක්ද සහ ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 26 කට එක් කඩුල්ලක්ද බැගින් බිඳ හෙලීමට සමත්වුනා. වනිදු හසරංග පන්දුවාර තුනක් ක්‍රියාත්මක කල අතර ඔහු ප්‍රතිවාදි පිලට ලකුණු 19 ක් ලබාදුන් අතර කිසිදු කඩුල්ලක් දවාගැනීමට සමත්වූයේ නැහැ.

(Photo by Jono Searle/Getty Images)

කෙසේනමුත් මෙම තරඟයේදී ලහිරු මධුෂංක තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීම කැපීපෙනන කරුණක් බවට පත්වුනා.

Naveen Krishmal

මෙම තරඟාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා ක්රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සංචිතය මෙතනින් බලන්න.. (Click)

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *