අද පැවැත්වෙන පුහුණු තරඟය සඳහා කණ්ඩායම් දෙක නම් කරයි.
ශ්‍රී ලංකා – එංගලන්තය සංචාරයේ පෙර පුහුණු තරඟයක් ලෙස පන්දුවාර 50කින් යුත් තරඟක් අද දින පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් සංචිතය කණ්ඩායම් දෙකකට බෙදි ක්‍රීඩා කරයි.
කණ්ඩායම් දෙක කුසල් ජනිත්ගේ කණ්ඩායම හා කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ලෙස නම් කර ඇති අතර අද දින (16) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වීමට නියමිත ඇත.
කුසල් පෙරේරාගේ කණ්ඩායමේ නායකයා කුසල් ජනිත් වන අතර, අවිශ්ක ප්‍රනාන්දු, දනුශ්ක ගුණතිලක, දනන්ජය ද සිල්වා, දසුන් ශානක, චාමික කරුණාරත්න, ඉශාන් ජයරත්න, බිනුර ප්‍රනාන්දු, ලක්ශාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප් සෙසු ක්‍රීඩකයින් වේ.

කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස් වන අතර සෙසු ක්‍රීඩකයින් වන්නේ ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක, පැතුම් නිස්සංක, නිරෝශන් දික්වැල්ල, වනිඳු හසරංග, රමේශ් මෙන්ඩිස්, ඉසුරු උදාන, දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම වේ.
මීට අමතරව විස්සයි විස්ස පුහුණු තරඟයක්ද ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර ඉන් අනතරුව ලබන මස 23 වෙනිදා ශ්‍රී ලංකා – එංගලන්තය පලමු විස්සයි විස්ස තරඟය ආරම්භ වීමට නියමිතයි.