අන්තර්ජාතික විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා පන්දුයවන්නන් ඉදිරියට.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මඟින් ඉදිරිපත් කරන විස්සයි විස්ස පන්දුයවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමෙ අද ඉදිරිපත් කෙරුණ අතර ඉදිරී ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන්නන් දෙදෙනෙක්ට ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී තිබෙනවා.
ගිය වර ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 720ක් ලබාගනිමින් රශීඩ් කාන් පසු කර ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවෙනි ස්ථානයට පත් වූ වනිඳු හසරංග මෙවර ප්‍රසාද ලකුණු 44ක් වැඩි ඇති අතර තවමත් ඔහු දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.
දකුණු අප්‍රිකා ක්‍රීඩක ශම්සි ප්‍රසාද ලකුණු 792ක් ලබා ගනිමින් තවමත් පළමු ස්ථානයේ රැඳි සිටින අතර වනිඳු හසරංග සිටින්නේ, ඔහුට වඩා ප්‍රසාද ලකුණු 28ක් පසු පසිනි.

මීට අමතරව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රසාද ලකුණු 555ක් ලබා ගනිමින් 18 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මෙවන ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව ලක්ශාන් සඳකැන් ද ප්‍රසාද ලකුණු 574ක් ලබාගනිමින් 14 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් ඉදිරිපත් කරන විස්සයි විස්ස පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 20 තුළ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් තිදෙනෙක් ඇතුළත්.