අපි වේගපන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකව පාලනය කරනවා. – බංගලාදේශ වේගපන්දු පුහුණුකරු

බංගලාදේශයට සමඟ ලබන 23 වෙනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟ තුනකින් යුත් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය අද (16) දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වී ඇති අතර කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමි වුණා.


මෙම තරඟාවලිය පිළිඹඳ ක්‍රික්බ්ස් සමඟ සාකච්ඡාවකට සහභාගී වූ හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන්නා වන වර්ථමාන බංගලාදේශය කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු පුහුණුකරු ඔටිස් ගිබ්සන් මහතා, ශ්‍රී ලංකා කණ්ඩායම වේගපන්දු යවන්නන්ගෙන් පාලනය කර හැකි බව පවසා ඇත.

තරඟාවලියේදිබංගලාදේශය වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් පිලිඹඳව වැඩි බලාපොරොත්තුවක් තිබෙන බව පවසා ඇත.
“ටස්කින් අහමඩ් හට ඔහුගේ වේගය පවත්වා ගැනීමට හැකියාවක් තියනවා. ශ්‍රී ලංකාව සමඟ නිමා වූ ටෙස්ට් තරඟාවලියේ දී පලමු තරඟයේදී ඔහු පන්දුවාර 30ක් යව්වා, එහිදී ඔහු පැයට කිලෝමීටර් 140 වේගයක් පවත්වා ගැනීමට සමත් වුණා. ඒනිසා ඔහුගෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුලුවන්.


ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් අනතුරුව මුස්ට්ෆිසුර් රෙහෙමාන් සහ ශකිබ් අල් හසන් නැවතත් කණ්ඩායම සමඟ එකතු වීම නිසා අපගේ කණ්ඩායම තවත් ශක්තිමත් වී තිබෙනවා.

තරඟාවලිය සඳහා ටමිම් ඉක්බාල් නායකත්වය දරන අතර ඔහු ටෙස්ට් තරඟාවලියේදීත් ශ්‍රී ලංකාවට හොඳින් පන්දුවට පහර දීමට සමත් විය. ඊට අමතරව ශකිබ් අල් හසන් අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන බව සඳහන් වෙයි. ශකිබ් 2019 ලෝක කුසලාන තරඟාවලියේදී අංක තුන ක්‍රීඩා කරමින් හොඳින් දස්කම් අතරට පැමිණියා. ඒ වගේම මුශ්පික රහීම් ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පන්දුවට පහර දෙන බැවින් ශ්‍රී ලංකාවට හොඳ තරඟයක් ලබා දීමට හැකියාව ඇති බව පවසා ඇත.

දෙරට අතර මේ වන විට එක්දින තරඟ ජාත්‍යන්තර එක්දින තරඟ 48ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව තරඟ 39ක් ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා. බංගලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට සමත් වී ඇත්තේ තරඟ 7ක් පමණයි.

දෙරට අතර අවසන් වරට පැවතී එක්දින තරඟාවලියක් පවත්වා ඇත්තේ 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවෙව් පැවතී තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියයි. එහිදී ශ්‍රී ලංකාව තරඟ 3/0ක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් ලබා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව බිහිකළ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැත්තේ ද මෙම තරඟාවලියේදී වේ.


අද බංගලාදේශය වලා පිටත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජායාරූප කිහිපයක්.

1)

2)

3)

4)

5)

6)

7)

8)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *