අපි ශාරීරිකව යෝග්‍ය වුනත්, මානසික වැටිලා ඉන්නේ – ශකිබ් අල් හසන් පවසයි.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (27) සමත්වුණා.

 

 

දෙවන තරඟයේ හතරවන දිනය අවසානයේදී බංග්ලාදේශය තුන්ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර එහිදී ඔවුන් මානසික වැටී ඇති බව පවසා සිටියා.

දෙවන තරඟයේදී බංගලාදේශ පලමු ඉනිමේදී කඩුලු 5ක් ලකුණු 24ක් තුළ බිඳ වැටුනු අතර හතරවන දිනය අවසන් බාගයේදී බංගලාදේශ දෙවන ඉනිම ආරම්භක කළ නමුත් දිනය අවසන් වන විට ඔවුන්ගේ ආරම්භක කඩුලු 4ක් ලකුණු 23කට ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඉනිම් දෙකේදීම තමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවීගිය අතර මාධ්‍ය හමුවේදී ශකිබ් අල් හසන් පවසා සිටියේ ඔවුන් පිතිකරණයෙන් මෙලෙස අසමත් වීමට හේතුව ශාරීරික ගැටලුවක් නොව මානසික ගැටලුවක් බවයි.

බංග්ලාදේශ ක්‍රීඩකයින් ශාරීරිකව ශක්තිමත් නමුත් මානසිකව පහළ මට්ටමකට ඇද වැටී ඇති බව බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් පවසා සිටින්නේ.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ශකිබ් අල් හසන් මාධ්‍ය හමුවේදි පැවසූ අදහස්,

“මම හිතන්නේ ලෝකෙන්ම ශාරීරික යෝග්‍යතාවය අතින් ගත්තොත් ඉහළින්ම ඉන්න රට අපේ රට”

“අපි තරඟයකදී වැඩිපුර කාලය ගත කරන්නේ පන්දු රැකීමටයි. මම හිතන්නේ මේ තරඟාවලියේදීත් අපි පන්දුවාර 400ක් පමණ පන්දු රැකලා තියනවා. අපි අනිවාර්යයෙන්ම ශාරීරිකව යෝග්‍යයි.”

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

“ලිටන් දාස් ගත්තොත් ඔහු පන්දු 400කට වැඩිය පන්දු රැකලා පිත්තෙන් ලකුණු 141කුත් ලබාගත්තා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 175ක් රැස්කර ගත්‍තා. මම හිතන්නේ අපි ශාරීරිකව යෝග්‍යමත්. නමුත් අපි මානසික පහතින් ඉන්නේ. ඒ නිසා අපිට සිදුවෙනවා මානසිකත්වය ගැන මීට වඩා අවධානය යොමු කරන්න.”

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

මට හිතෙන්නේ අපි අතරේ අසාර්ථක වීමේ බියක් තියනවා. අපි වෙනත් ආකාරයකින් සිතන්නේ නම් අපිට මීට වඩා හොඳ ප්‍රතිපල ලබාගන්න පුලුවන්. අපිට පීඩනය දරාගන්න බැරිවුණා. එය මෑතකදී සිට සිදුවෙමින් පවතිනවා. දැන් මම කණ්ඩායමේ ඉන්නකොටත් වෙනවා.

අපි පසුගිය කාලය පුරාවටම දෙවැනි ඉනිමේ දී අසාර්ථක වුණා. අපට එය වැඩිදියුණු කිරීමට අවස්ථාවක් තිබුණා. නමුත් අපි මේ පාරත් අසාර්ථකයි. නමුත් එය අවසන් වීමට පෙර, අපි මෙය ‘අවසානය’ ලෙස හැඳින්විය යුතු නැහැ.”- ශකිබ් අල් හසන්

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

වනිඳු හසරංග නැවතත් තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වේ. (වීඩියෝ සහිතයි) මෙතන Click කරන්න. – CLICK

අසිත ප්‍රනාන්දු වාර්තාවක් තබයි. (වීඩියෝ සහිතයි) මෙතන Click කරන්න. – Click

චන්දිමාල් හා මැතිව්ස් බිඳ දැමූ වසර 8ක් පැරණි වාර්තාව මෙන්න. – CLICK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *