අපේ රටේ ක්‍රීඩකයින්ගේ වැටුප් අඩු කරලා ක්‍රිකට් ගොඩ ගන්න බෑ. – තිලකරත්න ඩිල්ශාන්

ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක රසල් ආනෝර්ඩ් විසින් ආරම්භ කරන ලද Chilling with Russel යූටියුබ් නාළිකාවේ රසල්, ඩිල්ශාන් හා සනත් ජයසූරිය සමඟ සජීවී සාකච්ඡාවක් පැවැත්වු අතර එහිදී ශ්‍රී ලංකාවේ අද ක්‍රිකට් ක්‍රීඩාවේ බොහෝ දේ කතාවට ලක් විය.

එහිදී රසල් විසින් අලුතෙන් සාදන ලද ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක් කර ඇත්තේ සමහර විට එම මුදල් ක්ලබ් ක්‍රිකට් සඳහා යොදවලා ක්ලබ් ක්‍රිකට් වැඩිදියුණු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ කමිටුව විසින් තීරණය කර ඇති බවට සඳහන් කළේය.


එවිට තිලකරත්න ඩිල්ශාන් විසින් ප්‍රකාශ කර සිටියේ ඒ විදියට ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කරලා අපේ ක්‍රිකට් ගොඩ ගන්න බැරි බවත්, අපේ ක්‍රීඩකයින්ට ලබා දිය යුතු මුදල ලබා දීමට කටයුතු කර යුතු බවත් ය.

“ටොම් මූඩිට දවසකට ඩොලර් 1900ක් ගෙවනවා. අවුරුද්දකට ගත්තොත් ඩොලර් ලක්ශ 3ටත් වැඩිවෙනවා. අපේ රටේ ක්‍රිකට් ගහපු අය දාලා කමිටුවක් හදලා තියනවා සිස්ටම් එක හදන්න. ඒ කමිටුවට බැරිනම් අපේ රටේ සිස්ටම් එක හදන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න ටොම් මූඩිට පුලුවන්ද අපේ රටේ සිස්ටම් එක හදන්න. එයා හොඳ කෝච් කෙනෙක් එයාව ගන්න ඕනේ කෝච් කෙනෙක් විදියට.


ගාල්ල, හම්බන්තොට ක්‍රිකට් ගහන අය ගැන දන්නේ අපේ රටේ අය. සමහර පළාත් වල ක්‍රීඩාංගනය නැහැ. අපේ රටේ අයගේ අඩු පාඩු දන්නවද ඕස්ට්‍රේලියාවේ ඉන්න ටොම් මූඩි. අපේ ක්‍රිකට් කමිටුවේ ඉන්නේ ඉස්සර ක්‍රිකට් ගහපු අය. ඒගොල්ලොත් ඒ දවස්වල කොන්ත්‍රාත් මුදල් වැඩි කරගන්න කතා කළා. එහෙම කරලා අද ක්‍රිකට් ක්‍රීඩකෛන්ගේ වැටුප් කප්පාදු කරන එකට මම එඟක නෑ.

අපේ රටේ ඉන්න අය ඕස්ට්‍රේලියාවේ හරි එංගලන්තයට හරි යන්නේ එහෙ ගිහින් මාස 6ක් ක්‍රිකට් ගැහුවොත් හොඳ ගානක් හොයාගන්න පුලුවන්. අපේ රටේ අවුරුද්දම ක්‍රිකට් ගැහුවොත් ඒ වගේ ගානක් හො‍යාගන්න වෙන්නේ නැහැ. අපේ රටේ අයව අපේ රටේම තියාගන්නනම් කරන්න ඕනේ අපේ රටේ ඩොමෙස්ටික් හොඳ තත්වයක තියාගන්න ඕනේ.

කළුතර, මතුගම, මාතර පැති වලින් ක්‍රිකටර්ස්ලා කොළඹට ඇවිල්ලා කොහෙ හරි බෝඩිමක නැවතිලා ක්ලබ් ක්‍රිකට් ගහනවා. ක්ලබ් එකේ මැච් එකක් ගැහුවාම හම්බෙන්නේ පොඩි ගානක්. එතකොට ඒ සමහර ක්‍රීඩකයින්ට කන්නවත් සල්ලි නෑ. ඒගොල්ලොන්ට සැලකිය යුතු ලොකු ගානක් දීලා ක්ලබ් ක්‍රිකට් එක හොඳ තත්වෙකට ගෙනාවොත් කවුරුත් ලංකාව අතහැරලා ඕස්ට්‍රේලියාවේ, එංගලන්තේ යන්නේ නැහැ.

අපේ රටේ දැන් ක්‍රිකට් කමිටුවක් හදලා තියනවා. ඒකේ ඉන්නේ අපේ රටේ ක්‍රිකට් ගහපු අය. ඒ නිසා ඔය ටොම් මූඩිට ගෙවන සල්ලි ඔක්කොම ක්ලබ් ක්‍රිකට් වලට යොදවලා ඒක වැඩිදියුණු කරන්න පුලුවන් කියලා මම කියන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *