අබුඩාබි T10 තරඟාවලියේදී මතීෂ පතිරණගෙන් සුපිරි පන්දුයැවීමක්.

(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක).. 2022 අබුඩාබි T10 තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන් නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 19ක ජයක් ලබාගැනීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්වුණා..

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් නායක කිරන් පොලාඩ්, පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 131ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Evin Lewis වේගවත් අර්ධ ශතකයක් වාර්තාකළ අතර ඔහු පන්දු 22කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 7ක් සමඟින් ලකුණු 58 ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Colin Munro පන්දු 17කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් හා නායක ශකිබ් අල් හසන් පන්දු 6කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබාගැනීමට සමත්වුණා..

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ Ravi Rampaul පන්දුවාර 2 අවසානයේදී ලකුණු 16කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූ අතර, Wahab Riaz ලකුණු 24කට කඩුලු 2ක් හා Jordan Thompson ලකුණු 23කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්වුණ.

අනතුරුව ලකුණු 132ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී නිව්‍ යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10ක අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 112ක් පමණයි..

නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ නායක කිරන් පොලාඩ් පන්දු 19කට මුහුණදෙමින් හතරේ පහර 3ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Azam Khan පන්දු 13කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබාගත් නමුත් අන් කිසිම ක්‍රීඩකයෙකුට සාර්ථක ඉනිමක් ක්‍රීඩා කිරීමට හැකියාව නොලැබිණි.

 

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ නියමිත පන්දුවාර 2 අවසානයේදී ලකුණු 22කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්විය. ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වනුයෙ Eoin Morgan හා Romario Shepherd වේ.

 

 

ඊට අමතරව, Rohan Mustafa පන්දුවාර 2 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් , ශකිබ් අල් හසන් හා Benny Howell එක් කඩුල්ල බැඟින් ද දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව, නිව් යෝර්ක් ස්ට්රයිකර්ස් කණ්ඩායම ලකුණු 19 කින් පරාජයට පත්කිරීමට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේදී වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ වේගවත් අර්ධ ශතකයක් ලබාගත් Evin Lewis  වේ.

 

 

මතීෂ පතිරණ ලබාගත් කඩුලු 2 වීඩියෝව (Video) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *