අබුඩාබි T10 ලීග් තරඟාවලියේ විකාශන අයිතිය දේශීය නාළිකාවක් විසින් ලබා ගනී.
පස්වන වරටත් පැවැත්වීමට නියමිත 2021 Abu Dhabi T10 League තරඟාවලිය නොවැම්බර් මස 19 වෙනිදා සිට දෙසැම්බර් 4 දක්වා පැවැත්වෙන අතර තරඟාලිය කණ්ඩායම් 6කින් හා තරඟ 35කින් සමන්විතයි.
මෙම තරඟාවලියේ විකාශන අයිතිය දේශීය රූපවාහිනී නාලිකාවක් විසින් ලබාගෙන ඇති අතර එම නාළිකාව වනුයේ Voice Of Asia මාධ්‍ය ජාලයේ “සියත TV” නාළිකාව යි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ඔබට, සියත TV ඔස්සේ සම්පූර්ණ තරඟාවලියම සජීවීව නැරඹීමට හැකියාව ඇති අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.30 සහ රාත්‍රී 9.30 යන වේලාවන් වලට තරඟය ආරම්භ වේ.
PEO TV පාරිභෝගිකයින් හට Event TV (Channel Number 20) හරහා තරඟාවලිය නොමිලේ නැරඹිමය අවස්ථාව
ලැබී ඇති අතර PEO TV GO App එක හරහා ද තරඟ නැරඹීමට අවස්ථාව පවතී.
මෙවර තරඟාවලිය විකාශන වන Colour Cineplex නාළිකාව ශ්‍රී ලංකාවට විකාශනය නොවන බැවින්, තවමත් ඩයලොග් TV පාරිභෝගිකයින් හට තරඟාවලිය නැරඹීම සඳහා නාළිකාව නොමැත.
මෙම තරඟාවලියේ ඩිජිටල් විකාශන අයිතිය Sporty.lk විසින් ලබාගෙන ඇති අතර ඔබට ඔවුන්ගේ Sporty.lk Youtube නාලිකාව සහ Facebook පිටුව ඔස්සේ මෙවර Abudhabi T10 League 2021 තරගාවලිය සජීවීව නැරඹීමට හැකියාව ලැබේ.
Sporty.lk facebook පිටුවට යාමට මෙතන (Click) කරන්න.
ලොව වටා සුපිරි ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කරන මෙවර Abu dhabi t10 league තරඟාවලියේ කණ්ඩායම් 6න් කණ්ඩායම් 4ක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතයි.
කෙසේ නමුත්, The Chennai Braves කණ්ඩායමට තෝරාගත් ‘දුශ්මන්ත චමීර’, ‘චාමික කරුණාරත්න’ සහ ‘මහීෂ් තීක්ෂණ’ යන ක්‍රීඩකයින්ට එළැඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය හේතුවෙන් මෙවර T10 ලීග් තරඟාවලිය ක්‍රීඩා නොකර අතර, Bangla Tigers කණ්ඩායමට තෝරාගත් මතීෂ පතිරණට එළැඹෙන ශ්‍රී ලංකා U19 – එංගලන්ත U19 තරගාවලිය හේතුවෙන් T10 League තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබානොදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මෙවර 2021 Abudabi T10 League තරඟාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්.
• The Chennai Braves – ධනංජය ලක්ෂාන්, දසුන් ශානක, භානුක රාජපක්ෂ, ඇන්ජෙලෝ පෙරේරා
• Decaan Gladiators – වනිඳු හසරංග
• Bangla Tigers – ඉසුරු උදාන
• Northern Warriors – උපුල් තරංග, බිනුර ප්‍රනාන්දු