අම්බටි රයිදුගේ උත්සහය අපතේ යවමින් CSK කණ්ඩායම පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ලකුණු 11ක පරාජයක් ලබයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) IPL තරඟාවලියේ 38 වන තරඟය ලෙස අද (25) පැවතී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණ 11ක තියුණු ජයක් වාර්ථා කිරීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කින්ග්ස් නායක රවින්ද්‍ර ජඩේඩා පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 187 ලබා ගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ශිකර් දවාන් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 59 කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 88ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව තරඟ 4කට පසුව නැවතත් කණ්ඩායමට පැමිණී භානුක රාජපක්ෂ පන්දු 32 කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 42ක් ලබාගත් අතර ලියම් ලිවින්ස්ටන් පන්දු 7කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Dwayne Bravo පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 42කට කඩුලු 2ක් බිඳ හෙලූ අතර මහීශ් තීක්ශණ ලකුණු 32කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.
අනතුරුව ලකුණු 188ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 176ක් පමණයි.
චෙන්නායි ඉනිම වෙන්වෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ අම්බටි රයිදු පන්දු පන්දු 39කදී හතරේ පහර 7ක් හා හයේ පහර 6ක් සමඟින් වේගවත් ලකුණු 78ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Ruturaj Gaikwad පන්දු 27කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් හා නායක රවින්ද්‍ර ජඩේඩා පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබාගත් අතර, මහේන්ද්‍ර සිං දෝණි පන්දු 8කදී ලකුණු 12ක් ද ලබාගැනීමට සමත්වුණා..
පන්දු යැවීමේදී කගිසෝ රබාගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23ක් පමණක් ලබාදී කඩුලු 2ක් බිඳ දැමූ අතර, Rishi Dhawan ලකුණු 39කට කඩුලු 2ක් හා Arshdeep Singh , Sandeep Sharma ද එක් කඩුල්ල බැඟින් දවාගනු ලැබීය.
ඒ අනුව, චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ලකුණු 11කින් පරාජයට පත්කරමින් පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත්වීමත් සමඟින් ප්‍රසාද ලකුණු පුවරුවේ 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශිකර් දවාන් වේ.
භානුක රාජපක්ෂගේ ඉනිම (වීඩියෝව)
මහීශ් තීක්ශණ ලබාගත් කඩුල්ල.(වීඩියෝව)