අයි.පී.එල් ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට.
කොවිඩ්-19 වෛරසය නිසා ඉන්දියාවේ මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් පසු ගිය දා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය දින නියමයකින් තොරව කල් දැමීමට සිදු වුණා.
ඒ අනුව මෙවර අයි.පී.එල් තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයින් නැවත තමන්ගේ රටවල් වෙත යාමට සූදානම්ව සිටියි. නමුත් ඕස්ට්‍රේලියානු රජය විසින් ඉන්දියාවේ සංචාරය කළ පුද්ගලයින්ට මැයි 15 වන දින තෙක් ඕස්ට්‍රේලියාව වෙන ඒම තහනම් කළ බැවින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඉන්දියාව තුළ සිරවී සිටියි.
එලෙස ඉන්දියාවේ සිරවී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ව ශ්‍රී ලංකාවට හා මාලදිවයින්ට යැවීමට අදසක් ඇති බවට ද ඕස්ට්‍රේලියාවේ අතුරු ප්‍රධාන විධායක නිළධාරී නික් හොක්ලි පවසා ඇත.
මෙවර අයි.පී.එල් තරඟාවලියේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ මයික් හසී හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටද ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය විසින් සනාථ කර සිටී.
David Warner, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis ඇතුළු ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විස්තර විචාරකයින් හා සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 30කට අධික ප්‍රමාණයක් සිටින බවටද වාර්ථා වෙයි.