අයි.පී.එල් තරඟාවලියේදී ඉනිමක හයේ පහරවල් 10ක් හෝ ඊට වැඩි ගණනක් ලබාගෙන ඇති ක්‍රීඩකයින්.
2008 ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ද වන විට කිසිම ලීග් තරඟාවලියකට ලඟා වීමටවත් නොහැකි තත්වයකට පත් වී තිබෙනවා. 2008 සිට මේ වන තෙක් තරඟාවලි 13ක් පවත්වා ඇති අතර ඉහිහාසයේ පලවෙනි වතාවට මෙවර තරඟාවලිය අතරමඟ නතර කිරීමට සිදුවිය. ඒ ඉන්දියාවේ මේ වන විට පවතින කොවිඩ්-19 වෛරසයේ බලපෑම හේතුවෙනි.
අයි.පී.එල් ඉතිහාසයේ ඉනිමක හයේ පහරවල් 10+ ලබාගෙන ඇති ක්‍රීඩකයින් 10 ක් සිටින අතර ඒ 10 දෙනා අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වන ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසූරිය ද ඇතුළත්.
ඉනිමක හයේ පහරල් 10+ ලබාගෙන ඇති ක්‍රීඩකයින්…..
1) ක්‍රිස් ගේල් – හතරවතාවක්
2009 Deccan Chargers කණ්ඩායමට එරෙහිව ක්‍රිස් ගේල් අයි.පී.එල් මංගල තරගය ක්‍රීඩා කරන අතර මේ වන විට තරඟ 140ක් ක්‍රීඩා කරමින් මුළු ලකුණු 4950ක් ලබාගෙන සිටින්නේ ඉනිමක ලකුණු 40.25ක සාමාන්‍යයක් රඳවාගනිමින් ය. ගේල් විසින් ඉනිමක හයේ පහරවක් 10ක් හෝ ඊට වඩා ලබාගෙන ඇති අවස්ථා හතරක් ඇත.
• 2012 දී Dilhi Daredevils කණ්ඩායමට එරෙහිව හයේ පහරවල් 13යි.
• 2013 දී Pune Warriors කණ්ඩායමට එරෙහිව හයේ පහරවල් 17 යි.
• 2015 දී King XI punjab කණ්ඩායමට එරෙහිව හයේ පහරවල් 12 යි.
• 2018 දී Sunrises Hyderabad කණ්ඩායමට එරෙහිව හයේ පහරවල් 11 යි.
2) ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට්
2008 Kolkata Knight Riders කණ්ඩායමට එරෙහිව මංගල අයි.පී.එල් තරඟය ක්‍රීඩාකරන ග්‍රිල්ක්‍රිස්ට්, තම අයි.පී.එල් අවසන් තරඟය ක්‍රීඩා කර ඇත්තේ 2013 මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව වේ. තරඟ 80කදී ලකුණු 2069ක් ලබාගැනීමට සමත් වී ඇත..
ග්‍රිල්ක්‍රිස්ට් විසින් ඉනිමක හයේ පහරවල් 10ක් රැස් කිරීමට සමත් වී ඇත්තේ 2008 දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව වේ. එහිදී ඔහු පන්දු 47කදි නොදැවී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වී ඇත.
3) සනත් ජයසූරිය
2008 රෝයල් චැලෙන්ජර් බැංගලෝරෝ කණ්ඩායමට එරෙහිව මංගල අයි.පී.එල් තරඟය ක්‍රීඩාකරන සනත් ජයසූරිය, තම අයි.පී.එල් අවසන් තරඟය ක්‍රීඩා කර ඇත්තේ 2010 දී රාජස්ථාන් රෝයල් කණ්ඩායමට එරෙහිව වේ. තරඟ 30කදී ලකුණු 768ක් ලබාගැනීමට සමත් වී ඇත..
ජයසූරිය විසින් ඉනිමක හයේ පහරවල් 11ක් රැස් කිරීමට සමත් වී ඇත්තේ 2008 දී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව වේ. එහිදී ඔහු පන්දු 48කදි නොදැවී ලකුණු 114ක් රැස් කිරීමට සමත් වී ඇත. ( වීඩියො එක පහළ )
4) ඇන්ඩෲ රසල්.
රසල් ප්‍රථම වතාවට 2012 වර්ශයේදී අයි.පී.එල් වරම් දිනාගන්නා අතර මේ වන විට තරඟ 81ක් ක්‍රීඩා කරමින් ලකුණු 1680ක් ලබා ගැනීමට සමත් වී ඇත.
ඇන්ඩෲ රසල් 2018 දී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 36කදී නොදැවී ලකුණු 88ක් ලබාගැනීමට සමත් වූ අතර එම තරඟයේ දී රසල් විසින් හයේ පහරවල් 11ක් රැස් කිරීමට සමත් විය.
5) ඒ. බී ඩිවිලියස්.
2016 වර්ශයේදී ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව ඉනිමකයේ හයේ පහරවල් 12ක් රැස් කර ඇති අතර එම තරඟයේ දී ඩිවිලියස් පන්දු 52කදී ලකුණු 129ක් ලබාගැනීමට සමත් වී ඇත.
6) මුරලි විජේ
2010 වසරේදී රාජස්ථාන් රෝයල් කණ්ඩායමට එරෙහිව ඉනිමකදී හයේ පහරවල් 11ක් ලබා ගැනීනට සමත් වී ඇත.
7) ශෙයාර්ස් අයියර්.
2018 දී කොල්කොටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 40කදී ලකුණු 93ක් ලබාගැනීමට සමත් වූ අතර එම ඉනිමට හයේ පහරවල් 10ක් ඇතුළත් විය.
8) බ්‍රෙන්ඩන් මැකලම්.
මැකලම් අයි.පී.එල් පලමු තරඟයේදීම රෝයල් චැලෙන්ජර් බැංගලෝරෝ කණ්ඩායමට එරෙහිව තමාගේ අයි.පී.එල් හොඳම ඉනිම ක්‍රීඩා කිරීමට සමත් විය. එහිදී පන්දු 73කදී නොදැවී ලකුණු 158ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 13ක් ඇතුළත් විය.
09) සන්ජු සැම්සන්.
2018 දී රෝයල් චැලෙන්ජර් බැංගලෝරෝ කණ්ඩායමට එරෙහිව ඉනිමකදී හයේ පහර 10ක් ලබා ගැනීමට සමත් විය.
10) කිරන් පොලාර්ඩ්.
2019 දී කින්ග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව තරඟයේදී ඉනිමක හයේ පහරවල් 10ක් ලබාගැනීනට සමත් විය.