අයි.සී.සී නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම නිකුත් කරයි. පැතුම් නිස්සංක ඉදිරියට.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් නිකුත් කරන ලද ක්‍රීඩකයින්ගේ නව ශ්‍රේණිගත කිරීම අද දින නිකුත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියාව අතර පැවතී පලමු විස්සයි විස්ස තරඟයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36ක් ලබාගත් අතර, ඒ හේතුවෙන් ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 2ක් ඉදිරියට පැමිණීමට සමත්වි තිබෙනවා.

මීට පෙර පැතුම් නිස්සංක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි අංක 9 වන ස්ථානයේ සිටි අතර, ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමත් සමඟින් මේ වන විට අංක 7 ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු ගණන 689ක්.
විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ පකිස්තාන ක්‍රීඩක බාබර් අසාම් ප්‍රසාද ලකුණු 818ක් ලබාගනිමින් සිටින අතර, දෙවෙනි ස්ථානයේ ඒඩන් මාක්‍රම් (ප්‍රසාද ලකුණු 796) , තුන්වන ස්ථානයේ මොහොමඩ් රිස්වාන් (ප්‍රසාද ලකුණු 694) , හතරවන ස්ථානයේ Dawid Malan (ප්‍රසාද ලකුණු 728) රැදීසිටිනවා.
මේ අතර ඊයේ (7) පැවතී විස්සයි විස්ස තරඟයේදී නොදැවී අර්ධ ශතකයක් ලබාගත් ඕස්ට්‍රේලිය නායක Aaron Finch එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් අංක 5 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 713ක් ලබාගනිමිනි.

ඊට අමතරව, ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඊයේ (7) දිනයේ පන්දු 34කදී හතරේ පහර 3ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබාගත් චරිත් අසලංක පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 14කින් ඉදිරියට පැමිණ 29 වන ස්ථානයේ රැඳී සිටිනවා. ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 529ක්.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා අතර පැවතී පලමු විස්සයි විස්ස තරඟයේදී මහීශ් තීක්ශණ, ඔහුගේ පන්දුවාර 4 ලකුණු 25ක් පමණක් ලබාදී අවසන් කිරීමට සමත්වීමත් සමඟ ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 3ක් ඉදිරියට පැමිණෙමින් 21වන ස්ථානය දිනාගැනීමට සමත්වී තිබෙනවා.
තවද, ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4ක් , ලකුණු 16කට බිඳ දැමීමට සමත් වූ ඕස්ට්‍රේලියා ක්‍රීඩක ජෝෂ් හේසල්වුඩ් තරඟාවලිය ආරම්භයට පෙර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 3 ස්ථානයේ සිටි අතර නවතම ශ්‍රේණිගත කිරීමට අනුව එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් අංක 2 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මෙම වසරේ ආරම්භයේදී පැවතී ඕස්ට්‍රේලියා සංචාරය අතරතුරේදී විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමෙහි අංක ස්ථානයේ රැඳී සිටි වනිඳු හසරංග, කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් තරඟ ක්‍රීඩා නොකිරීම හේතුවෙන් අංක 1 ස්ථානය අහිමිවිය. මේ වන විට ඔහු ප්‍රසාද ලකුණු 669 ලබාගනිමින් අංක 6 වන ස්ථානයේ රැඳී සිටිනවා..
තවමත් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකා ක්‍රීඩක ටබ්රායිස් ශම්සි වේ.
ඊට අමතරව ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි එංගලන්ත සුපිරි ක්‍රීඩක ජෝ රූට් ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ අංක 2 ස්ථානයේ සිටින අතර ඔහු ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 882ක්. මේ හේතුවෙන් අංක 2 ස්ථානයෙ රැඳී සිටි Steven Smith අංක 3 දක්වා පහළට ගොස් ඇති අතර ඔහුගේ ප්‍රසාද ලකුණු ගණන 845කි.
ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ ඕස්ට්‍රේලියා ක්‍රීඩක Marnus Labuschagne රැශීසිටින අතර (ප්‍රසාද ලකුණු 892), මුල් ස්ථාන 10 අතර සිටින එකම ශ්‍රී ලාංකික ක්‍රිඩකයා දිමුත් කරුණාරත්න අංක 6 ස්ථානයේ රැඳී සිටිනවා. (දිමුත් – ප්‍රසාද ලකුණු 772)