අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීමෙහි චරිත් අසලංක හා තවත් ක්‍රීඩකයින් රැසක් ඉදිරියටම.

ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සලය මඟින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර එක්දින පිටියේ නවතම ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

ඒ නිමාවූ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලිය හා ඉන්දු – එංගලන්ත හා බංගලාදේශ – ඕස්ට්‍රේලියාව අතර පැවතී එක්දින තරඟාවලි පදනම් කරගෙනයි.

ඒ අනුව, නිමාවූ දකුණු අප්‍රිකාවට එරෙහි තරඟාවලියේ ඉනිම් තුන තුළ අර්ධ ශතක දෙකක් සමංගින් ලකුණු 196ක් ලබාගැනීමට සමත් වූ යොවුන් ක්‍රීඩක චරිත් අසලංක ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීමෙහි 66 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී ඇති අතර, ඔහු 66 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 122කින් පසුකරිමින් වේ.

මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දෙවැනියට හොඳම පන්දුයවන්නා වන වනිඳු හසරංග, එක්දින පන්දුයවන්නන් අතර 32 වන ස්ථානය දක්වා ද, වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර 35 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊට අමතරව ජාත්‍යන්තර එක්දින පිටියේ තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි 17 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා..

මේ වන විට එක්දින පිටියේ පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 100 අතර ක්‍රීඩකයින් 11ක් රැඳී සිටින අතර එම ක්‍රීඩකයින් 11 පහළින්.

අවිශ්ක ගුණතිලක – 41 වන ස්ථානයේ
කුසල් පෙරේරා – 47 වන ස්ථානයේ
ඇන්ජලෝ මැතිව්ස් – 49 වන ස්ථානයේ


දනුශ්ක ගුණතිලක – 51 වන ස්ථානයේ
කුසල් මෙන්ඩිස් – 54 වන ස්ථානයේ
නිරෝශන් දික්වැල්ල – 62 වන ස්ථානයේ


චරිත් අසලංක – 66 වන ස්ථානයේ
දනන්ජය ද සිල්වා – 71 වන ස්ථානයේ
ලහිරු තිරිමාන්න – 85 වන ස්ථානයේ


දසුන් ශානක – 87 වන ස්ථානයේ
දිනේශ් චන්දිමාල් – 96 වන ස්ථානයේ

 

ජාත්‍යන්තර එක්දින පන්දු යවන්නන්ගේ පලමු ස්ථානය 50 තුළ ශ්‍රී ලංකා පන්දුයවන්නන් තිදෙනෙක් සිටින අතර, එම් ක්‍රීඩකයින් තිදෙනා වන්නේ,

අකිල ධනංජය – 25 වන ස්ථානයේ
වනිඳු හසරංග – 32 වන ස්ථානයේ
දුශ්මන්ත චමීර – 35 වන ස්ථානයේ

ජාත්‍යන්තර එක්දින පිටියේ තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි පලමු ස්ථාන 20 තුළ එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් සිටින අතර, ඔහු වනිඳු හසරංග වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *