අයි.සී.සී ය මඟින් නම් කරන ලද මෙවර ලෝක කුසලානයේ විශිෂ්ටයින් 11 අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙක්.

ඔක්තෝබර් මස 17 වන දින ආරම්භ වූ 7 වන විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ඊයේ (සැත්තැම්බර් 14) පැවැත්වූ අතර එහිදී ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පරදා Aaron Finchගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියා කණ්ඩායම  කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට සමත් විය.

 

 

මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරඟයෙන් පසුව තරඟාවලිය පුරාවට ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙවර “තරඟාවලියේ කණ්ඩායම” එනම් තරඟාවලියේ “විශිෂ්ඨතම 11” අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් නම් කර තිබුණා.

 

 

කණ්ඩායමේ නායකත්වය, තරඟාවලියේ අනුශූරයින් වූ නවසීලන්තය කණ්ඩායමේ නායක කේන් විලියම්සන්ට ලැබී ඇති අතර, තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ ඩේවිඩ් වෝනර් ද මෙම විශිෂ්ඨයින් 11 දෙනා අතරට ඇතුළත් කර තිබෙනවා.

 

 

මෙවර අයි.සී.සී ය මඟින් නම් කර ඇති 11 දෙනා අතරට, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය හා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙක බැඟින් හා දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙක් ඇතුළත්.

 

විශේෂම කරුණ නම්, මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළත් කර ඇති නමුත්, ඉන්දියා කණ්ඩායමේ කිසිඳු ක්‍රීඩකයෙක් මෙම විශිෂ්ටයින් 11 දෙනා අතරට එකතු කර නොමැත.

 

 

ICC ය මඟින් නම් කරන ලද මෙවර තරඟාවලියේ විශිෂ්ටයින් 11 දෙනා පහළින්,

 

1) Babar Azam

 

 ️

 

2) David Warner

 

 

3) Kane Williamson(C)

 

 

4) Jose Buttler(WK)

 

 

5) Charith Asalanka

 

 

6) Moeen Ali

 

 

7) Wanindu Hasaranga

 

 

8) Adam Zampa

 

 

9) Trent Boult

 

 

10) Anrich Nortje

 

 

11) Shaheen Afridi ️

 

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න ( Click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *