අවසන් මහා තරඟයට පෙර ගාල්ල කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ දැක්වූ අදහස්.
දෙවෙන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය හෙට (23) ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම හා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත වන අතර, අද (22) ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් හෙට තරඟයේ සැළසුම් ඉදිරිපත් කරනු ලැබූවා.
මේ අතර මෙවර තරඟාවලියේ ප්‍රබල ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත්වූ එකම කණ්ඩායම ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම වන අතර, එහෙසින් තුන්වතාවක්ම ජැෆ්නා කණ්ඩායම පරාජයට පත් කිරීමේ රහස ලෙස භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේ මෙවන් අදහසක්,
“ජැෆ්නා එක්ක තිබ්බ තරඟ තුනම ජයග්‍රහණය කිරීමට සමත් වුණේ අපි ඔවුන් සමඟ හොඳ ක්‍රිකට් එකක් ක්‍රීඩා කළා. මම හිතන්නේ ඒක තමයි අපේ තියන ලොකුම රහස. ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම කියන්නේ මේ තරඟාවලියේ ඉන්න හොඳම කණ්ඩායමක්. අපි දැනගත්තා දවස අනුව එදා දවසේ හොඳින් ක්‍රීඩා කරොත් ජැෆ්නා කණ්ඩායම පරාජයට පත් කරන්න පුලුවන් කියලා.”
මීට අමතරව අවසන් මහා තරඟය ක්‍රීඩා කිරීමට සූදානම් වන කණ්ඩායම ගැන ඇසූ ප්‍රශ්නයකට භානුක රාජපක්ෂ විසින් ප්‍රකාශ කර සිටියේ තවමත් අවසන් 11 දෙනා තෝරාගෙන නොමැති බව හා අද දින කණ්ඩායම තෝරාගැනීමට නියමිත බවයි.
“අවසන් තරඟය ක්‍රීඩාකරන කණ්ඩායම අපි තවම තෝරගෙන නෑ. අද හවස ප්‍රැක්ටිස් වලින් පස්සේ තමයි අපි කණ්ඩායම තෝරගන්නේ.”
මෙවර තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම හා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම අතර පැවතී තරඟ තුනේදීම පලමුව පන්දුවට පහරදීම මඟින් ගෝල් ග්ලැඩියේටස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, යම් හෙයකින් අවසන් තරඟයේදී දෙවෙනුවට පන්දුවට පහර දීමට අවස්ථාව ලැබුනොත්, එම අභියෝගයටත් තමාගේ කණ්ඩායම සූදානම් බව ඔහු පවසා සිටියා.
“අපි කාසියේ වාසිය දිනාගත්තොත් මුලින්ම පන්දුවට පහර දෙනවද, පන්දු යවනවද කියලා කලින්ම තීරණය කරලා යන්නෙ නැහැ. අපි ඒ දෙකටම සූදානම් වෙලා යන්නේ. අපි මුලින් පන්දුවට පහර දීලත් හොඳට ක්‍රීඩා කරලා තියනවා, මුලින් පන්දු යවලත් හොඳින් ක්‍රීඩා කරලා තියනවා. අවසන් මහා තරඟයේදී හදිස්සියෙ හරි අපිට මුලින් පන්දු යැවීමට ලැබුනොත් අපි ඒ අභියෝගයටත් හොඳින්ම සූදානම් වෙලා ඉන්නේ. අපි ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම එක්ක තුන් පාරක් ක්‍රීඩා කරලා තරඟ තුනම ජයග්‍රහණය කරලා තියන නිසා ක්‍රීඩකයින්ගේ විශ්වාසයත් හොඳ මට්ටමක තියනවා.”
මේ අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට වඩා හම්බන්තොට ක්‍රීඩාංගනයේ තණතිල්ල ගැන භානුක රාජපක්ෂ දැක්වූයේ මෙවන් අදහසක්,
“ගොඩක් කාලයකට පස්සේ තමයි හම්බන්තොට තණතිල්ලේ ක්‍රීඩා කරන්නේ. අපි ගියපාර තරඟාවලිය ක්‍රීඩා කලෙත් මෙම ක්‍රීඩාංගණයේම තමයි. කොළඹට වඩා මෙහෙ ගොඩාක් ලකුණු තියන, පිතිකරුවන්ට පන්දුවට පහර දීමට පහසු තණතිල්ලක්. ඉතින් අපේ පිතිකරුවන් හොඳින් පන්දුවට පහර දීලා ලොකු ලකුණු ප්‍රමානයක් ලබාගැනීමට හැකිවේවි කියලා මම හිතනවා”
අවසාන වශයෙන් මෙලෙස තරඟාවලියක් පැවැත්වීමට මඟින් ක්‍රීඩකයින්ට ලැබෙන වාසි හා, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සිදුවන දේවල් ගැන භානුක රාජපක්ෂ දැක්වූ අදහස,
“අපිට මේ වගේ තරඟාවලි පැවැත්වීම මඟින් ගියපාරත් අපිට මහීශ් තීක්ශණ, දනන්ජය ලක්ශාන් වගේ හොඳ ක්‍රීඩකයින්ව හඳුනාගැනීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම තමයි මේ අවුරුද්දෙත් ජනිත් ලියනගේ ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. රාත්‍රී කාලයේදී ගොඩක් තරඟ ක්‍රීඩා කරලා කරාම තමයි අපිට උනත් හොඳ අත්දැකීමක් ලැබෙන්නේ. ඒ නිසා ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය වගේ තරඟාවලියක් පැවැත්වීමෙන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට හොඳ දෙයක් වෙනවා.”