අවිශ්ක ප්‍රනාන්දුගෙන් වාර්තාවක්. බිනුර ප්‍රනාන්දුගෙන් සුපිරි පන්දු යැවීමක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 8 වන තරඟය ලෙස පැවතී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම හා දඹුල්ල අවුරා කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 51ක ජයක් වාර්තාකර ගැනීමට තිසරගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල අවුරා කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 240ක් ලබාගැනීමට සමත්විය.
මෙම ලකුණු ප්‍රමාණය, මෙතෙක් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කණ්ඩායමක් විසින් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයයි.
ජැෆ්නා කින්ග්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 35කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 7ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ද අර්ධ ශතකයක් ලබාගනිමින් පන්දු 30කදී හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබාගත් අතර, සදීර සමරවික්‍රම පන්දු 22කදී නොදැවී ලකුණු 38ක් හා Shoaib Malik පන්දු 15කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ද ලබාගැනීමට සමත්විය.
අවිශ්ක ප්‍රනාන්දු අද ලබාගත් අර්ධ ශතකයත් සමඟින් 2020 වසරේ ආරම්භ වු ලංකා ප්‍රිමියර් තරඟාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස සිටි දනුශ්ක ගුණතිලකව අභිඹවා යමින් අංක 1ට පැමිණීමට ද සමත්වුණා.
2020 ආරම්භ වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි ඉතිහාසයේ මේ වන වැඩිම ලකුණු ලාභීන් මෙන්න.
1) අවිශ්ක ප්‍රනාන්දු* – ලකුණු 732 (තරඟ 23) – ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 100 – පිතිකරණ සාමාන්‍ය 36.60
2) දනුශ්ක ගුණතිලක – ලකුණු 702 (තරඟ 20) – ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 94* – පිතිකරණ සාමාන්‍ය 41.29
3) කුසල් මෙන්ඩිස් – ලකුණු 694 (තරඟ 21) – ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 85 – පිතිකරණ සාමාන්‍ය 36.52
4) දිනේශ් චන්දිමාල් – ලකුණු 577 (තරඟ 21) – ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 80 – පිතිකරණ සාමාන්‍ය 41.21
5) නිරෝශන් දික්වැල්ල – ලකුණු 546 (තරඟ 22) – ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 65 – පිතිකරණ සාමාන්‍ය 27.30
පන්දු යැවීමේදී ලහිරු කුමාර පන්දුවාර 4 අවසානයේදී ලකුණු 56කට කඩුලු 2ක් බිඳ දැමූ අතර ප්‍රමෝද් මධුශාන් හා දුශාන් හේමන්ත එක් කඩුල්ල බැඟින් බිඳ දැමූවා.
අනතුරුව ලකුණු 241ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී දඹුල්ල අවුරා කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 289ක් පමණයි.
දඹුල්ල අවුරා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව භානුක රාජපක්ෂ පන්දු 31කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 38ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු Shevon Daniel පන්දු පන්දු 20කදී ලකුණු 29ක් හා දුශාන් හේමන්ත පන්දු 13කදී ලකුණු 19ක් ද ලබාගැනීමට සමත්වුණා.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු පන්දුවාර 4 අවසානයේදී ලකුණු 22ක් පමණක් ලබාදී කඩුලු 4ක් බිඳ දැමූ අතර, සුමින්ද ලක්ශාන් ලකුණු 50කට කඩුලු 2ක් හා දනංජය ද සිල්වා හා ඩිල්ශාන් මදුශංක එක් කඩුල්ල බැඟින් ද
දවාගැනීමට සමත්විය.
ඒ අනුව, දඹුල්ල අවුරා කණ්ඩායමට තරඟාවලියේ තුන්වන පරාජයත් උරුම කර දෙමින් ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම තරඟාවලියේ තුන්වන ජය වාර්තාකළ අතර වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ලකුණු 73ක් ලබාගත් Rahmanullah Gurbaz වේ.
බිනුර ප්‍රනාන්දුගේ විශිෂ්ඨ පන්දු යැවීම හා සුමින්ද ලක්ශාන්ගේ සුපිරි උඩපන්දු රැකීම මෙන්න.
Binura pic.twitter.com/hLHlOwsO3k
— Stay Cricket (@staycricket) December 11, 2022