අවිශ්ක ප්‍රනාන්දුව අංක 4ට රැගෙන ආවේ මහේල ජයවර්ධන – මිකී ආතර්
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් අසාර්ථ වූ අවිශ්ක ප්‍රනාන්දු, ලෝක කුසලානය පෙර පැවතී ඕමානය එරෙහිව විස්සයි විස්ස තරඟ දෙකේදී හා බංගලාදේශයට හා පැපුවානිව්ගිනියාවට එරෙහිව පැවතී පුහුණු තරඟ දෙකේදීත් අවිශ්ක ප්‍රනාන්දු නොම්බර 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් හොඳින් ලකුණු අතරට පැමිණීමට හැකි වුණා.
මේ හේතුවෙන් මෙම ලෝක කුසලානයේදී අවිශ්ක ප්‍රනාන්දු දිගටම නොම්බර 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්ථා වෙනවා.
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ උපදේශකවරයෙකු ලෙස එකතු වී සිටින හිටපු ශ්‍රී ලංකාවේ විශිෂ්ට නායකයෙක් වන මහේල ජයවර්ධන විසින්, අවිශ්ක ප්‍රනාන්දු විස්සයි විස්ස තරඟ වලදී අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට යෝජනා කර තිබූ බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසා තිබෙනවා.
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරඟයට පෙර වාර්තාකරුවන්ට අදහස් දක්වමින් ආතර් පැවසුවේ අවිශ්කගේ පිතිකරණය පිළිබඳ දත්ත විශ්ලේෂණයක් කිරීමෙන් පසු මහේල ජයවර්ධන මෙම පියවර ගැනීමට යෝජනා කළ බවයි.
මෙලෙස මහෙල ජයවර්ධන විසින් අවිශ්ක ප්‍රනාන්දු අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමට තීරණය කර ඇත්තේ, ඔහු පන්දුවට පහරදීමේදී පිටියේ ස්ථාවර වීම සඳහා පන්දු 10ක් 15ක් පමණ ගතවන නිසා, එලෙස අංක 4 ස්ථානයේදී ඔහුට හොඳින් ස්ථාවර වීමට හැකියාව ඇති නිසා වේ.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 3 පිතිකරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුවී ඇති නමුත්, මිකී ආතර් විසින් මාධ්‍යට පවසා ඇත්තේ මේ වන විට ඔවුන් නොම්බර 3 ස්ථානයේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයෙක් තීරණය කර ඇති බවත් අද තරඟයේදී එක දැකගැනීමට හැකි බවත් ය.
ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුන්වන් අතරින් පැතුම් නිස්සංක ආරම්භ පිතිකරුවෙක් ලෙස සාර්ථව වූ බවත්, පැතුම් නිස්සංක මෙම ලෝක කුසලානය ඔහුගේම තරඟාවලියක් බවට පත් කරගනීවි යනුවෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍යට පවසා සිටියේය.
“අපි අවසන් නිල නොවන තරඟ 4 තුළ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම යුගල 3ක් විසින් සිදු කළ අතර එහිදී පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස අත් හදා බැලුවා. නමුත් ඔවුන් අතරින් එම තරඟ තුලදී සාර්ථක වූ එකම පිතිකරුවා වන්නට සමත් වූයේ පැතුම් නිස්සංක වන අතර අවසන් තරඟයේදී ඔහු අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වුණා. ඒ පැපුවා නිව් ගිනියාවට එරෙහිව පැවති තරඟයේදී වේ.