අශේන් බන්ඩාරගෙන් වේගවත් ඉනිමක්. කැන්ඩි කණ්ඩායමට ලකුණු 77ක ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 11 වන තරඟය ලෙස පැවතී දඹුල්ල අවුරා කණ්ඩායම හා කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 77ක දැවැන්ත ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 193ක් ලබාගැනීමට සමත්විය..

දඹුල්ල අවුරා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් පන්දු අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 40කට මුහුණදෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙර් පන්දු 31කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 44ක් හා පැතුම් නිස්සංක පන්දු 20කදී ලකුණු 26ක් ලබාගත් අතර අශේන් බන්ඩාර වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22කදී ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා ලකුණු 26කට එක් කඩුල්ලක් හා ප්‍රමෝද් මදුශාන් ලකුණු 39කට එක් කඩුල්ලක් බිඳ දැමීය.

අනතුරුව ලකුණු 194ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී දඹුල්ල අවුරා කණ්ඩායමට පන්දුවාර 14.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 116ක් පමණයි.

දඹුල්ල ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ චතුරංග ද සිල්වා පන්දු 15කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව භානුක රාජපක්ෂ පන්දු 22කදී හයේ පහරක් සමඟින් ලකුණු 18ක්  හා Noor Ahamed පන්දු 8කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 20ක් ලබාගැනීමට සමත්විය. නායක දසුන් ශානක හට ලකුණු ලබාගැනීමට හැකිවූයේ නෑ.

 

 

කැන්ඩි ෆැල්කොන්ස් වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ Carlos Brathwaite පන්දුවාර 4 අවසානයේදී ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Chamindu Weerasinghe ලකුණු 25කට කඩුලු 3ක් හා Fabian Allen , චාමික කරුණාරත්න කඩුලු 2 බැඟින් ද බිඳ දැමීමට සමත්විය.

 

 

ඒ අනුව, මෙවර තරඟාවලියේ දඹුල්ල අවුරා කණ්ඩායමට හතරවන පරාජයත් උරුම කර දෙමින්, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට කැන්ඩි ෆැල්කොන්ස් සමත්වූ අතර වීරයා සම්මානය දිනාගනු ලැබූයේ අර්ධ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස් වේ.

 

 

අශේන් බන්ඩාරගේ වේගවත් ඉනිම හා චාමික කරුණාරත්න ලබාගත් කඩුලු 2ක. වීඩියෝ මෙන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *