අසිත ප්‍රනාන්දුගෙන් වාර්තාවක්. ශ්‍රී ලංකාවට කඩුලු 10ක විශිෂ්ට ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා බංගලාදේශ අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය අද (27) නිමා වූ අතර, තරඟයෙන් විශිෂ්ට ලෙස කඩුලු 10ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 365ක් ලබාගැනීමට සමත්වුණා.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් පන්දු 355කට මුහුණදෙමින් හතරේ පහර 21ක් සමඟින් නොදැවී ලකුණු 175 ක් ලබාගැනීමට සමත්විය. එම ශතකය ඔහුගේ 9 වන ටෙස්ට් ශතකය වේ. ඔහු පලමු තරඟයේදීද ශතකයක් ලබාගැනීමට සමත්වුණා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඊට අමතරව ලිටන් දාස් ටෙස්ට් දිවියේ 3 වන ශතකය රැස්කර ගැනීමට ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 246කදී හතරේ පහර 16ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 141ක් ලබාගැනීමට සමත්වුණා. අන් පිතිකරුවන් හට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබානොදුන් අතර බංගලාදේශ පලමු ඉනිමේ පිතිකරුවන් 6 දෙනෙක් ලකුණු ලබාගැනීමට පෙර දවාගැනීමට ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් කසුන් රාජිත පන්දුවාර 28.2ක් අවසානයේදී ලකුණු 64ක් පමණක් ලබාදී කඩුලු 5ක් බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු පන්දුවාර 26ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 93කට කඩුලු 4ක් බිඳදැමීමට සමත්වුණා. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හට මෙම ඉනිමේදී කඩුලු ලබාගැනීමට හැකිවූයේ නෑ.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පලමු ඉනිම ආරම්භක කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනින සඳහා සියලුම දෙනා දැවී ලකුණු 506 ක් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 342කදී හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 145ක් ලබාගැනීමට සමත්විය. මෙම ශතකය ඇන්ජලෝ මැතිව්ස්ගේ 13 වන ශතකයයි.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඊට අමතරව දිනේශ් චන්දිමාල් ද ඔහුගේ ටෙස්ට් දිවියේ 12 වන ශතකයක් රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 219කට මුහුණදෙමින් හතරේ පහර 11ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ද ලබාගැනීමට සමත්වූ අතර, නායක දිමුත් කරුණාරත්න පන්දු 155කදි ලකුණු 80ක් හා දනංජය ද සිල්වා පන්දු 95කදී ලකුණු 58ක් ද ලබාගැනීමට සමත්වුණා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ශකිබ් අල් හසන් පන්දුවාර 40.1ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 96කට කඩුලු 5ක් බිඳ දැමූ අතර, Ebadot Hossain ලකුණු 148කට කඩුලු 4ක් බිඳ දැමීය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා පලමු ඉනිමට වඩා ලකුණු 141 ක් පිටුපසින් සිට බංගලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භක කළ නමුත්, ඔවුන්ට දෙවෙනි ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 169ක් පමණයි.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

බංගලාදේශ දෙවන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ශකිබ් අල් හසන් පන්දු 72කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබාගැනීමට සමත්විය. එය ඔහුගේ ටෙස්ට් දිවියේ 28 වන අර්ධ ශතකයයි.

ඊට අමතරව පලමු ඉනිමේ ශතකයක් ලබාගත් ලිටන් දාස් දෙවන ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 135කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ලබාගැනීමට සමත්වු නමුත් අන් පිතිකරු හට සාර්ථක වීම සඳහා අසිත ප්‍රනාන්දු ඇතුලු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නෙ නෑ.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු පන්දුවාර 17.3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 51කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්විය. ඔහු පලමු ඉනිමේද කඩුලු 4ක් බිඳ දැමූ අතර මේ හේතුවෙන් වාර්තාවක් තැබීමට ද අසිත ප්‍රනාන්දු සමත්වුණා.

අසිත ප්‍රනාන්දු සම්පූර්ණ තරඟයේදී ලකුණු 144කට කඩුලු 6ක් බිඳ දැමූ අතර, මෙය බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෙක් බංගලාදේශ එරෙහිව වාර්තා කළ හොඳම පන්දු යැවීමයි.  ඊට අමතරව ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් ටෙස්ට් තරඟයකදී කඩුලු 10ක් දවාගත් තෙවන අවස්ථාව ද මෙය වේ.

 

 

අසිත ප්‍රනාන්දුට අමතරව කසුන් රාජිත ලකුණු 40කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, රමේශ් මෙන්ඩිස් ලකුණු 20කට එක් කඩුල්ලක් බිඳ දැමීමට සමත්වුණා.

බංගලාදේශ දෙවන ඉනිම ලකුණු 169කට නිමාවීමත් සමඟ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 28ක්. එම ඉලක්කය ඕෂධ ප්‍රනාන්දු හා නායක දිමුත් කරුණාරත්න සාර්ථක හඹායමින් කඩුලු 10ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්වුණා. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඕෂධ ප්‍රනාන්දු පන්දු 9කදී ලකුණු 21ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 7ක් ලබාගෙන සිටියා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ඒ අනුව මෙම තරඟයෙන් විශිෂ්ට ජයක් ලබාගැනීමත් සමඟින් තරඟ 2කින් සමත්විය ටෙස්ට් තරඟාවලිය තරඟ 1-0ක් ලෙස ජයගත් අතර, තරඟයේ වීරයා සම්මානය අසිත ප්‍රනාන්දු ත්, තරඟාවලියේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනාගැනීමට සමත්විය.

 

අසිත ප්‍රනාන්දු රැකගත් සුපිරි උඩපන්දුව හා මුෂ්ෆිකර් රහීම් දැවීගිය ආකාරය (වීඩියෝ) 

 

 

 

කලින් දියන්හි පන්දු යවන්නන් ලබාගත් කඩුලු වීඩියෝ බලන්න මෙතන Click කරන්න. (Video)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *