අසේල ගුණරත්නගේ වේගවත් ඉනිම හේතුවෙන් Pokhara Rhinos කණ්ඩායමට විශිෂ්ට ජයක්.
එවරස්ට් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 14 වන තරඟය ලෙස අද (2) පැවතී Birantnagar Warriors කණ්ඩායම හා Pokhara Rhinos කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට අසේල ගුණරත්න ක්‍රීඩා කරන Pokhara Rhinos කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් Pokhara Rhinos කණ්ඩායමේ නායකයාගේ ඇරයුමෙන් පලමුව පන්දුවට පහරදුන් Birantnagar Warriors කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේද කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 172ක් ලබාගැනීමට සමත්වුණා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් Birantnagar Warriors කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Asaif Sheikh පන්දු 33කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබාගැනීමට සමත් වුණා.
ඊට අමතරව Sikandar Raza පන්දු 20කදී ලකුණු 29ක් ද, Sandeep Rajali පන්දු 22කදී ලකුණු 28ක් ද ලබාගැනීමට සමත් වූ අතර අවසන් මොහොතේදී නායක Karan KC පන්දු 9කදී හයේ පහරවල් 3ක් සමඟින් ලකුණු 24 ලබාගනිමින් ඉනිම ශක්තිමත් කිරීමට දායක වුණා. කෙසේ නමුත් මෙම තරඟයේදී ඩිල්ශාන් මුණවීර හට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 16ක් පමණි.
පන්දු යැවීමේදී Bikram Sob පන්දුවාර 4 අවසානයේදි ලකුණු 33ක් ලබාදී කඩුලු 2ක් බිඳ හෙලීමට සමත්වූ අතර, තරුණ ක්‍රීඩක සහන් ආරච්චි පන්දුවාර 2ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 04කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා. ඊට අමතරව Bibek Yadev හා Nandan Yadev අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.
ඒ අනුව ලකුණු 173 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා යෑම සඳහා පිටියට පිවිසී Pokhara Rhinos කණ්ඩායම පන්දුවාර 17.4 කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 173ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. Pokhara Rhinos කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ අසේල ගුණරත්න වේගවත් අර්ධ ශතකයක් ලබාගත් අතර ඔහු පන්දු 24කදී ලබාගත් ලකුණු ප්‍රමාණය වන්නේ ලකුණු 50ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් ද ඇතුළත් විය. ඊට අමතරව තරුණ ක්‍රීඩක සහන් ආරච්චිගේ පන්දු 36කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී Pratis GC , Sikandar Raza හා Hari Chauhan අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගිය අතර ඩිල්ශාන් මුණවීර පන්දුවාර 2ක් ක්‍රියාත්මක කළ නමුත් ඔහුට කඩුලු දවාගැනීමට හැකි වුණේ නැහැ.
ඒ අනුව තරඟය කඩුලු 7ක පහසු ජයක් වාර්ථා කිරීමට Pokhara Rhinos කණ්ඩායම සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූයේ පිත්තෙන් ලකුණු 43ක් හා පන්දුවෙන් එක් කඩුල්ලක් දවාගත් සහන් ආරච්චි වේ.
More News >>>
ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට තවත් සුපිරි ක්‍රීඩකයින් 5දෙනෙක් ඇතුළත් කරයි. (Click)