ආසියා ලයන්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්ථා කරයි.

2022 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 4වන තරඟය ලෙස පැවතී ආසියා ලයන්ස් කණ්ඩායම හා ඉන්දියා මහරාජාස් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 50ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට ආසියා ලයන්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියා මහරාජාස් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ආසියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 193ක් ලබාගැනීමට සමත්විය.

ආසියා ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග පන්දු 45කදී හතරේ පහර 7ක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 72ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, Mohommad Yousuf පන්දු 24කදී ලකුණු 26ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Asghar Afghan පන්දු 28කදී හතරේ පහර 4ක් හා හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 69ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී මහරාජාස් කණ්ඩායමේ Amit Bhandari ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත් අතර, Stuart Binny හා Aavishkar Salvi අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

 

 

ඉන් අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියා මහරාජාස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 157ක් පමණයි.

මහරාජාස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Manpreet Gony පන්දු 21කදී හතරේ පහරක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව, ආරම්භක පිතිකරු Wasim Jaffer ද පන්දු 25කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 35ක් රැස් කළ අතර, Stuart Binny පන්දු 14කදී හතරේ පහරේ දෙකක් හා හයේ පහර දෙකක් සමඟින් ලකුණු 25ක් ලබාගැනීමට සමත්විය.

ආසියා ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නුවන් කුලසේකර, ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 14කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව, Mohommad Rafique හා Asghar Afghan ද කඩුලු දෙක බැඟින් බිඳ හෙලූ අතර, දිල්හාර ප්‍රනාන්දු හා ශොයිබ් අක්තාර් එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.

ඒ අනුව, ඉන්දියා මහරාජාස් කණ්ඩායමට එරෙහිව පැවතී තරඟයෙන් ආසියා ලයන්ස් කණ්ඩායම ලකුණු 36කින් ජයග්‍රහණය කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූවේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ Asghar Afghan වේ.

 

 

නුවන් කුලසේකර ලබාගත් කඩුලු දෙක (වීඩියෝ),

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *