ආසියා ලයන්ස් කණ්ඩායම පරදා, වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායට පහසු ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 5වන තරඟය ලෙස අද පැවතී ආසියා ලයන්ස් හා වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්ථා කිරීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පලමුව පන්දුවට පහර දීමට ආසියා ලයන්ස් කණ්ඩායම ලබාදුන් අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් ආසියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලබාගැනීමට සමත්වුණා.
ආසියා ලයන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Asghar Afghan පන්දු 26කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, රොමේෂ් කලුවිතාරන පන්දු 23කදී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ලබාගත් අතර, උපුල් තරඟ පන්දු 14කදී ලකුණු 22ක් හා ඉනිම අවසානයේදී චමින්ද වාස් පන්දු 5කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Morne Morkel විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 24කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ඊට අමතර, Rj Sidebottom ලකුණු 38කට කඩුලු 2ක් හා Kevin O Brien, Monty Panesar හා Brett Lee ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 153ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.
වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Kevin Pietersen පන්දු 38කදී හතරේ පහර 9ක් හා හයේ පහරවල් 7ක් සමඟින් ලකුණු 86ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව, Kevin O Brien පන්දු 24කදී හතරේ පහර 3ක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් රැස් කළ අතර, Corey Anderson ලකුණු 10ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී ආසියා ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් මුත්තයියා මුරලිදරන් පන්දුවාර 3ක් අවසානයේදී ලකුණු 22කට කඩුලු 2ක් දවාගත් අතර, නුවන් කුලසේකර ලකුණු 15කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ඒ අනුව, ආසියා ලයන්ස් කණ්ඩායම පරද, වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්ථා කිරීමට සමත්වූ අතර, මෙම තරඟයේ වීරයා සම්මාන දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Kevin Pietersen වේ.
සනත් ජයසූරිය රැකගත් සුපරි උඩපන්දුව (වීඩියෝව)
Sanath Jayasuriya ❤️? pic.twitter.com/D8J5M9WSRY
— Stay Cricket (@staycricket) January 26, 2022