ආසියා ලයන්ස් පරදා ඉන්දියා මහරාජාස් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ප්‍රථම වරට පැවැත්වන ලද ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද (20) දින ඕමානයේදී ආරම්භ වූ අතර අද පැවතී ආසියා ලයන්ස් හා ඉන්දියා මහරාජාස් අතර තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්ථා කිරීමට ඉන්දියා මහරාජාස් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් මහරාජාස් කණ්ඩායමේ නායක Mohammad Kaif පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ආසියා ලයන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත්විය.
ආසියා ලයන්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ උපුල් තරංග පන්දු 46කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 66ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු කම්රාන් අක්මාල් පන්දු 17කදී ලකුණු 25ක් ලබාගත් අතර, ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ Misbah-ul-Haq පන්දු 30කදී හතරේ පහරක් හා හයේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී මහරාජාස් කණ්ඩායමේ Manpreet Gony විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඔහුගේ පන්දුවාර 4 අවසානයේදී ලකුණු 45කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Irfan Pathan ලකුණු 22ට කඩුලු 2ක් හා Stuart Binny හා Munaf Patel ද එක් කඩුල්ල බැඟින් දවාගැනීමට සමත්විය.
අනතුරුව ලකුණු 176ක ඉලක්කයක් හඹා යැමට පිටියට පිවිසී ඉන්දියා මහරාජාස් කණ්ඩායම පන්දුවාර 19.1ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 179ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
මහරාජාස් ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ Yusuf Pathan විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 40කදී හතරේ පහර 9ක් හා හයේ පහර 5ක් සමඟින් ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව නායක Mohammad Kaif පන්දු 37කදී හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබාගත් අතර, ආරම්ක පිතිකරු Naman Ojha පන්දු 19කදී ලකුණු 20ක් ලබාගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී Shoaib Akhtar හා Umar Gul එක්කඩුල්ල බැඟින් දවාගත් අතර, නුවන් කුලසේකර හා මුත්තයියා මුරලිදරන්ට මෙම තරඟයේදී කඩුලු ලබාගැනීමට හැකිවුණේ නැහැ.
ඒ අනුව ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟය ආසියා ලයන්ස් පරදා, කඩුලු 6කින් ජයගැනීමට ඉන්දියා මහරාජාස් කණ්ඩායම සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පන්දු 40කදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Yusuf Pathan වේ.
මුත්තයියා මුරලිදරන්ගෙ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ S Badrinath දුවද්දී දැවීගිය ආකාරය (වීඩියෝ)
— cric fun (@cric12222) January 20, 2022