ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක්.
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීම පිළිඹඳව සළකා බලමින් සිටින බව, ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.
ආරංචි මාර්ග වලට අනුව මේ පිළිඹඳව ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, ඉදිරි සති කිහිපය තුළ ඇන්ජලෝ මැතිවුස් විසින් තමාගේ තීරණය දැනුම් දී තිබෙනවා.

මෙලෙස ඔහු විසින් තීරණයකට එළඹි ඇත්තේ වර්ථමාන තේරීම් කමිටුව විසින් ඡේෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් තොරව තරුණ ක්‍රීඩකයින්ගෙන් පමණක් සීමිත පන්දුවාර තරඟ ක්‍රීඩා කිරීම හේතුවෙනි.
ඇන්ජලෝ මැතිව්ස් පසුගිය වසරේ මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අවසන් එක්දින තරඟයේදී කඩුලු 4ක් බිඳ දමමින් තරඟයේ වීරයා සම්නානය ද දිනාගැනීමට සමත් විය. 2019 ලෝක කුසලානයේදී ශතකයක් සමඟින් දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර 2018 වර්ෂයේදී ඔහුගේ පිතිකරණ සාමාන්‍යය 52.50ක් වේ. 2017 වර්ෂයේ පිතිකරණ සාමාන්‍යය 63.66ක් ද විය.

පසුගිය කාලයේදි ඇන්ජලෝ මැතිව්ස් විසින් යළි පන්දු යැවීම ආරම්භ කළ අතර එහිදී පන්දු යැවීමේ හා පන්දු යැවීමේද සැළකිය යුතු වැඩිදියුණු වීමක් ද දක්නට ලැබිණි.
විනිවිදභාවයකින් තොර වූ නව වාර්ෂික කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ඇන්ජලෝ මැතිවුස් හා අනෙකුත් ක්‍රීඩකයින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර අතර, මේ වන විට එංගලන්තය සංචාරය සඳහා ගිය ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති බව වාර්ථා වෙනවා.
