ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් ඇතුළු තවත් ක්‍රීඩකයින් 10ක් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දෙවන අදියර සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම නොවැම්බර් 9 වන දින පැවැත්වූ අතර, කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 බැඟින් ක්‍රීඩකයින් 100 දෙනෙකු තෝරාගනු ලැබුවා.

 

 

කෙසේ නමුත් මෙම ක්‍රීඩකයින් 100 දෙනා අතරට ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස් , දිනේශ් චන්දිමාල් ඇතුළු කිහිප දෙනෙකු හා තවත් තරුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කිසිම කණ්ඩායමක් විසින් ලබා ගෙන තිබුණේ නැහැ.

 

 

මෙලෙස එම ක්‍රීඩකයින්ව තෝරා නොගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචනය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සතියක පමණ කාලයක් උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා ද ට්විටර් පණිවිඩයක් එක් කරමින් පවසා සිටියේ, එක් අඩියක් ඉදිරියට තබන විට නැවත අඩි 5ක් පසුපසට තබන තීරණ නිසා රටකට ඉදිරියට යාමට නොහැකි බවයි.

 

 

මේ අතර නොවැම්බර් 9 වෙනිදා කිසිම කණ්ඩායමක් විසින් ලබා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකු යළිත් කණ්ඩායම් වලට ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මඟින් නම් කර ඇති ක්‍රීඩකයින් 10 දෙනා මෙන්න.

 

1) ඇන්ජලෝ මැතිව්ස්

 

 

2) දිනේශ් චන්දිමාල්

 

 

3) කුසල් ජනිත් පෙරේරා

 

 

4) දනන්ජය ද සිල්වා

 

 

5) අකිල ධනංජය

 

 

6) ප්‍රවීන් ජයවික්‍රම

 

 

7) මිනෝද් බානුක

 

8) සදීර සමරවික්‍රම

 

9) අශාන් ප්‍රියංජන්

 

 

10) ශිරාන් ප්‍රනාන්දු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *