ඇන්ජලෝ මැතිව්ස්, දිනේශ් චන්දිමාල් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසකට මෙවර LPL තරඟාවලිය අහිමි වෙයි.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) (කෙටුම්පත් කිරීම) මේ වන විට අවසන්ව තිබෙන අතර කණ්ඩායම 5ක් සඳහා ක්‍රීඩකයින් 100 දෙනෙක් තෝරාගනු ලැබූවා.

 

 

එක් සංචිතයකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සමගින් ඇතුළත්ව ඇති සමස්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

 

මෙවර තරඟාවලිය සඳහා, ගියවර අවස්ථාව හිමි නොවූ ඩිල්ශාන් මුණවීර, චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයින්ට ද අවස්ථාව ලැබී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්‍රාම ගිය ක්‍රීඩකයින්ට ද අවස්ථාව හිමිවී තිබෙනවා.

 

 

කෙසේ නමුත්, මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා වර්ථමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක දනන්ජය ද සිල්වා, ඡේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු සුපිරි ක්‍රීඩකයින් රැසක් කිසිඳු කණ්ඩායමක් විසින් ලබාගෙන තිබුණේ නැහැ.

 

 

මෙවර LPL සඳහා කිසිම කණ්ඩායමකින් ලබා නොගත් සුපිරි ක්‍රීඩකයින් මෙන්න.

 

1) ඇන්ජලෝ මැතිව්ස්

 

 

2) දනන්ජය ද සිල්වා

 

3) කුසල් ජනිත් පෙරේරා

 

 

4) අකිල ධනංජය

 

 

5) ඕෂධ ප්‍රනාන්දු

 

 

6) ප්‍රවීන් ජයවික්‍රම

 

 

7) කසුන් රාජිත

 

 

8) දිනේශ් චන්දිමාල්

 

 

9) මිනෝද් බානුක

 

 

10) සදීර සමරවික්‍රම

 

 

11) විශ්ව ප්‍රනාන්දු

 

 

12) අශාන් ප්‍රියංජන්

 

 

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් 100 දෙනා මෙතනින් බලන්න (click)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *