ඇන්ජලෝ මැතිව්ස් පලමුපෙල ලකුණු 10,000 පසුකර යයි.
(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟය 24 වන දින ආරම්භ වූ අතර, පලමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 315ක් ලබාගැනීමට සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර , ආරම්භ පිතිකරු යුගලය වන දිමුත් කරුණාරත්න හා ඕශධ ප්‍රනාන්දු ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පලමු කඩුල්ල සඳහා ලකුණු 92ක විශිෂ්ඨ සබඳතාවක් එක් කිරීමට සමත්වුණා.
එහිදි සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 70කදී හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්වූ අතර, එම අර්ධ ශතකය ඕෂධ ප්‍රනාන්දුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 7 වන අර්ධ ශතකයයි.
ඉන් අනතුරුව පිටියට පිවිසී කුසල් මෙන්ඩිස් ලකුණු 3කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවූ අතර, නායක දිමුත් කරුණාරත්න පන්දු 90කදී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ද ලබාගැනීමට සමත්වුණා.
ඉන් අනතුරුව, තම 100 වන ජාත්‍යන්තර ටෙස්ට් තරඟය ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස් හා දිනේශ් චන්දිමාල් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ හතරවන කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඇන්ජලෝ මැතිව්ස් පන්දු 106කදී ලකුණු 42ක් ලබාසිටියදී Nauman Ali ගේ පන්දුවක් හමුවේ දැවීගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය.
ඇන්ජලෝ මැතිව්ස් අද දින ලබාගත් ලකුණු 42ත් සමඟින් ඔහු පලමුපෙළ ක්‍රිකට්හි මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 10,000 සීමාව පසුකර යාමට ද සමත්විය. (තරඟ 143 , ඉනිම් 242, ලකුණු 10,020 , ශතක 13යි, අර්ධ ශතක 50යි. ඉනිමක ලකුණු සාමාන්‍ය – 47.87)
ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවීයාමෙන් අනතුරුව, දිනේශ් චන්දිමාල් සමඟින් එක්වූ දනංජය ද සිල්වා, ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 63ක් එක්කර දුන් අතර දනංජය ද සිල්වා ලකුණු 33කට දැවීගියා.
වසරේ සාර්ථක පිතිකරු දිනේශ් චන්දිමාල් මෙම ඉනිමේද අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 137කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 80ක් ලබාගැනීමට සමත්විය. ඔහු මෙම තරඟාවලියේ ක්‍රීඩා කළ ඉනිම් 3 තුලදීම අර්ධ ශතක ලබාගැනීමට ද සමත්විය.
දිනේශ් චන්දිමාල් ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවතී තරඟයේදී ලකුණු 206ක් ලබාගත් අතර, එම ඉනිමද සමඟින් ඔහු පිට පිට ඉනිම් 4කදී ලකුණු 50 සීමාව පසුකර යාමට සමත්වී ඇති අතර, මෙම අර්ධ ශතකය ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ 24 වන අර්ධ ශතකයයි.
පලමු දිනය අවසන් විට විට, නොදැවී කඩුල්ලේ රැඳීසිටි නිරෝශන් දික්වැල්ල පන්දු 43කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබාගෙන සිටින අතර, මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කරමින් සිටින දුනිත් වෙල්ලාලගේ ලකුණු 6ක් ලබාගෙන සිටිනවා.
පලමු දිනය අවසානයේදී පන්දුවාර 86කදී කඩුලු 6කට ලකුණු 315ක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර, අද (25) තරඟයේ දෙවන දිනයයි.
දිනේශ් චන්දිමාල්ගෙ විශිෂ්ඨ ඉනිම හා අනෙකුත් වීඩියෝ පහළින්,
Dinesh Chandimal | 80 Runs ?❤️ pic.twitter.com/HlCAL3qsef
— Stay Cricket (@staycricket) July 24, 2022
Dikka? pic.twitter.com/lXxMXLZBUT
— Stay Cricket (@staycricket) July 24, 2022