ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199කට දැවීයාමෙන් අනතුරුව ලෝක වාර්තාවක්..

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟය ඊයේ (15) ආරම්භක වූ අතර කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 397ක් ලබාගත් අතර අද (16) දෙවන දිනය නිමාවන විට පලමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 76ක් ලබාගෙන සිටිනවා.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ශ්‍රී ලංකා පලමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ඉනිමක් ක්‍ර්‍රීඩා කරමින් පන්දු 397කදී හතරේ පහර 19ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 199ක් ලබාගැනීමට සමත්වුණා. ඇන්ජලෝ මැතිව්ස්ගේ මෙම ශතකය්, ටෙස්ට් දිවියේ ඔහු ලබාගත් 12 වන ශතකය වේ.

අද දින ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ට දැවීයාමත් සමඟින් ලෝක වාර්තාවකට හිමිකම් කීමට සමත්වුණා.  ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාස ගත වූයේ ටෙස්ට් පිටියේ ලකුණු 99කට හා ලකුණු 199කට දැවී ගිය පලමු ක්‍රීඩකයා ලෙසයි.

 

 (Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

ලකුණු 99 – 2009 වර්ෂයේ – ඉන්දියාවට එරෙහිව
ලකුණු 199 – 2022 වර්ෂයේ – බංගලාදේශයට එරෙහිව*

මේ අතර ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකික ක්‍රීඩකයින්ගෙන් ඉනිමක ලකුණු 199ක් ලබා සිටියදී ඉනිම අවසන් වූ තුන්වන අවස්ථාව මෙය වන අතර මීට පෙර සනත් ජයසූරිය ලකුණු 199කට දැවීගොස් ඇති අතර කුමාර් සංගක්කාර 199*ක් ලබා සිටියදී අනෙක් ක්‍රීඩකයින්ගේ දැවීයාම හේතුවෙන් ද්විත්ව ශතකය අහිමිවී තිබෙනවා.

1) සනත් ජයසූරිය – 1997

 

 (Photo credit should read DESHAKALYAN CHOWDHURY/AFP via Getty Images)

 

ඉන්දියාවට එරෙහිව පැවතී තරඟයේදී ශ්‍රී ලංකා දෙවෙනි ඉනිමේදී සනත් ජයසූරිය ලකුණු 199කට අවාසනාවන්ත ලෙස දැවීගොස් ඇත. අවසානයේදී තරඟය ජය-පැරදුමෙන් තොරව නිමාවී ඇත.

2) කුමාර් සංගක්කාර – 2012

 

(Photo by Phil Walter/Getty Images)

 

පකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවතී ටෙස්ට් තරඟයේදී කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 199ක් ලබාගැනීමට සමත්වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම තරඟය ලකුණු 209කින් විශිෂ්ට ජයක් ලැබූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට කුමාර සංගක්කාර සමත්වුණා.

මෙම තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව දිනේශ් චන්දිමාල් විශිෂ්ට අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්ව්‍ය්ය් අතර ඔහු පන්දු 148කදී හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 66ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 131කදී ලකුණු 54ක් ලබාගැනීමට සමත්වුණා.

 

 

ඊට අමතරව ඕෂධ ප්‍රනාන්දු පන්දු 76කදී ලකුණු 36ක් ලබාගත් අතර ඉනිම අවසානයේදී නොදැවී කඩුල්ලේ රැඳීසිටි විශ්ව ප්‍රනාන්දු පන්දු 84කට මුහුණදෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Nayeem Hasan පන්දුවාර 30ක් අවසානයේදී ලකුණු 105කට කඩුලු 6ක් දවාගැනීමට සමත්වූ අතර, ශකිබ් අල් හසන් ලකුණු 60කට කඩුලු 3ක් හා Taijul Islam ලකුණු 107කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

 

(Photo by MUNIR UZ ZAMAN/AFP via Getty Images)

 

මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර ඔවුන් කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 70ක් ලබාගෙන සිටී. Mahmudul Hasan පන්දු 66කදී ලකුණු 31ක් හා තමිම් ඉක්බාල් පන්දු 52කදී ලකුණු 35ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැශීසිටියි.

ඇන්ජලෝ මැතිව්ස් දැවීගිය ආකාරය, (වීඩියෝව)

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *