ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවෙන් තුන්වැනි තැනට පත්වෙයි.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරඟ 2කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අද (9) දින ආරම්භ වූ පලමු තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, පලමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 305ක් ලබාගැනීමට සමත්වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 83කදී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 87ක් ලබාගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වූ අතර, නායක දිමුත් කරුණාරත්න ද පන්දු 87කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 50ක් ලබාගැනීමට සමත්වුණා.
ඔවුන් දෙදෙනාගේ දැවීයාමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් හා දිනේශ් චන්දිමාල් එක්ව ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 82ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූ අතර එහිදී දිනේශ් චන්දිමාල් පන්දු 64කදී ලකුණු 39ක් ලබාසිටියදී දැවීගියා.
ඇන්ජලෝ මැතිව්ස් පන්දු 98කදී හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබාගැනීමට සමත්වූ අතර, ඒ සමඟින් ඔහු ටෙස්ට් පිටියේ ලකුණු 7000 සීමාවට පැමිණීමට සමත්වුණා.
ඒ සමඟින් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ තුන්වැනියට ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා බවට පත්වූයේ හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියව පසුකරමිනි.
මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයින් මෙන්න.
1) කුමාර සංගක්කාර
තරඟ 134කදී ඉනිම් 233ක් ක්‍රීඩා කරමින් ලකුණු 12400ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් 57.40) ශතක- 38 , අර්ධ ශතක 52 , ද්විත්ව ශතක 11 (වැඩිම ලකුණු සංඛ්‍යාව 319)
2) මහේල ජයවර්ධන
තරඟ 149 කදී ඉනිම් 252ක් ක්‍රීඩා කරමින් ලකුණු 11814ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් 49.84) ශතක 34 , අර්ධ ශතක 50 , ද්විත්ව ශතක 7යි. (වැඩිම ලකුණු සංඛ්‍යාව 374)
3) ඇන්ජලෝ මැතිව්ස්**
මේ වන විට තරඟ 101කදී ඉනිම් 179ක් ක්‍රීඩා කරමින් ලකුණු 7000ක් ලබාගෙන සිටී.. ( ඇවරේජ් 45.16) ශතක 13 , අර්ධ ශතක 38 , ද්විත්ව ශතක 1 (ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 200*)
4) සනත් ජයසූරිය
තරඟ 110කදී ඉනිම් 188ක් ක්‍රීඩා කරමින් ලකුණු 6973ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් – 40.07) ශතක 14 , අර්ධ ශතක 31 , ද්විත්ව ශතක 3 ( ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 340)
5) අරවින්ද ද සිල්වා
තරඟ 93කදී ඉනිම් 159ක් ක්‍රීඩා කරමින් ලකුණු 6361ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් – 42.97) ශතක 20 , අර්ධ ශතක 22, ද්විත්ව ශතක 2 ( ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 267)
5) දිමුත් කරුණාරත්න **
මේ වන විට තරඟ 83කදී ඉනිම් 159ක් ක්‍රීඩා කරමින් ලකුණු 6073ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් – 39.69) ශතක 14 , අර්ධ ශතක 32, ද්විත්ව ශතක – 1 (ඉනිමක ලබාගෙන ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව – 244)
6) මාවන් අතපත්තු
තරඟ 90කදී ඉනිම් 155ක් ක්‍රීඩා කරමින් ලකුණු 5502ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් – 39.02) ශතක 16 , අර්ධ ශතක 17, ද්විත්ව ශතක 6 ( ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 249)
7) T.M ඩිල්ශාන්
තරඟ 87කදී ඉනිම් 145ක් ක්‍රීඩා කරමින් ලකුණු 5492ක් ලබාගැනීමට සමත්වී ඇත. (ඇවරේජ් – 40.98) ශතක 16 , අර්ධ ශතක 23 ( ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 193)