ඇන්‍ඩෘ රසල්ගේ වේගවත් අර්ධ ශතකය හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පහසු ජයක්.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 8 වන තරඟය ලෙස පැවතී පන්ජාබ් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක Shreyas Iyer පලමුව පන්දුවට පහරදීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර, පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමට පන්දුවාර 18.2ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් ලබාගැනීමට සමත්විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පන්දු 9කදී හතරේ පහර 3ක් හා හයේ පහර 3 සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව Kagiso Rabada පන්දු 16 කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 25 ලබාගත් අතර Liam Livingstone පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 19ක් හා ආරම්භක පිතිකරු ශිකර් දවාන් පන්දු 15කදී ලකුණු 16ක් ද ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී කොල්කටා ක්‍රීඩක උමේෂ් යාදෙව් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. ඊට අමතරව Tim Southee ලකුණු 36කට කඩුලු 2ක් ද, Shivam Mavi, Sunil Narine හා Andre Russell අතරේද එක් කඩුල්ල බැඟින් බෙඳීගියා.

 

 

අනතුරුව ලකුණු 138ක පහසු ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසී ‍කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 14.3 ක් වැයකරමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කිරීමට සමත්විය.

එහිදී, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇන්ඩෘ රසල් පන්දු 31කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නායක Shreyas Iyer පන්දු 15කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ලබාගත් අතර Sam Billings පන්දු 23කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් හා Ajinkya Rahane පන්දු 11කදී ලකුණු 12ක් ලබාගැනීමට සමත්විය.

 

 

පන්දු යැවීමේදී Rahul Chahar පන්දුවාර 4 අවසානයේදී ලකුණු 13කට කඩුලු 2ක් ලබාගත් අතර Odean Smith හා Kagiso Rabada එක් කඩුල්ල බැඟින්ද දවාගැනීමට සමත්විය.

ඒ අනුව පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම පරාජයට පත්කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජය වාර්තා කළ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ඩෘ රසල් වේ.

භානුක රාජපක්ෂගේ විශිෂ්ට ඉනිම මෙන්න, (Video)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *