ඇමරිකාවෙ ක්‍රීකට් ක්‍රීඩා කරන ශෙහාන් ජයසූරියගෙන් විශිෂ්ඨ ශතකයක්
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඇමරිකාවේ පැවැත්වෙන Minor League Cricket තරඟාවලියේ, පසුගිය 3 වෙනිදා පැවතී, Silicon Valley Strikers කණ්ඩායම හා Chicago Tigers කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 40ක ජයක් ලබාගැනීමට Silicon Valley Strikers කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ Silicon Valley Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 215ක් ලබාගැනීමට සමත්විය.
Silicon Valley Strikers කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ශෙහාන් ජයසූරිය විශිෂ්ඨ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර, ඔහු පන්දු 60කදී හතරේ පහර 14ක් හා හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 112ක් ලබාගැනීමට සමත්විය.
පසු දිනයේ පැවතී (ජූලි 4) පැවතී තරඟයේදී ද, Michigan Cricket Stars කණ්ඩායමට එරෙහිව ශෙහාන් ජයසූරිය විශිෂ්ඨ ශතකයක් ලබාගැනීමට සමත්විය. [ 115* (65) 4*16 6*2 ]
ඊට අමතරව Praney Suri පන්දු 20කදි හතරේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර, Raymon Reifer පන්දු 14කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් හා Rahul Jariwala පන්දු 16කදී ලකුණු 15ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Ranadeep Aleti පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 27කට කඩුලු 2ක් දවාගත් අතර, Marques Ackerman ලකුණු 31කට කඩුලු 2ක් හා Charan Sai Teja ලකුණු 29කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව, ලකුණු 216ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Chicago Tigers කණ්ඩායමට පන්දුවාර 19.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 175ක් පමණයි.
Chicago Tigers කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භ පිතිකරු Charan Sai Teja පන්දු 35කට මුහුණදෙමින් හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Marques Ackerman පන්දු 32කදී හතරේ පහර 6ක් හා හයේ එක් හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබාගත් අතර, Pruthvish Patel පන්දු 19කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 30ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Raymon Reifer පන්දුවාර 4 අවසානයේදී ලකුණු 37කට කඩුලු 3ක් බිඳ දැමීමට සමත්විය. ඊට අමතරව Srinivas Raghavan ලකුණු 30කට කඩුලු 2ක්, Kulvinder Singh ලකුණු 21කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Dev Thadni හා Roshon Primus එක් කඩුල්ල බැඟින් ද දවාගනු ලැබූවා.
ඒ අනුව Chicago Tigers කණ්ඩායම පරදා ලකුණු 40ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට Silicon Valley Strikers කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ ශතකයක් ලබාගත් ශෙහාන් ජයසූරිය වේ.
ශෙහාන් ජයසූරිය ලබාගත් විශිෂ්ඨ ශතකය වීඩියෝව මෙන්න
Shehan Jayasuriya pic.twitter.com/mSpdbq6S8F
— Stay Cricket (@staycricket) July 8, 2022