ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරනු ඇත – Aakash Chopra
2022 ආසියානු කුසලාන තරඟාවලිය කණ්ඩායම් 6කින් යුක්තව අද (27) දින ආරම්භ වන අතර, තරඟාවලිය ආරම්භ වෙමින් පලමු තරඟය ශ්‍රී ලංකා හා ඇෆ්ගනිස්තානය අතර අද (27) රාත්‍රි 7.30ට ආරම්භ වෙයි.
තරඟය ආරම්භ වීමට පෙර හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් වන Aakash Chopra ඔහුගේ යූටියුබ් නාළිකාව ඔස්සේ වීඩියෝවක් පල කරමින්, ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟය සම්බන්ධයෙන් අදහස් කිහිපයක් ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී, විශේෂයෙන්ම ඔහු සඳහන් කර සිටින්නේ, ක්‍රීඩාංගනයේ තණතීරු වේගපන්දු යවන්නන්ට වාසිදායක වුවත්, රශීඩ් ඛාන් හා වනිඳු හසරංග කඩුලු 3ක් හෝ ඊට වැඩි ගණනක් ලබාගනු ඇති බවයි.
කණ්ඩායම් දෙකේම දක්ශ දඟපන්දු යවන්නන් සිටින අතර, Aakash Chopra සඳහන් කර සිටින්නේ, මහීශ් තීක්ශන හා වනිඳු හසරංග නව පන්දුවෙන් ප්‍රතිවාදී කණ්ඩායමට අභියෝගයක් එල්ල කරනු ඇති බවත්, රශීඩ් ඛාන් අවසන් පන්දුවාර වලදී ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කරන බවත්ය.
කෙසේ නමුත්, මෙවර තරඟාවලිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම ජයග්‍රහණයකින් ආරම්භ කරනු ඇති බවට ද Aakash Chopra ප්‍රකාශ කරනවා.
“කණ්ඩායම් දෙකෙන් හරියටම ජයග්‍රහණය කරන කණ්ඩායම තීරණය කරන්න අමාරුයි, නමුත්, අවසන් වරට ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සමඟ T20I තරඟයක් ක්‍රීඩා කළ 2016 දී පැවතී තරඟය ජයග්‍රහණය කළත්, 2018 දී ශ්‍රී ලංකාව එක්දින තරඟයේදී ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වූවා; මම කියනවා ඇෆ්ගනිස්තානය මෙම තරඟය ජයගනීවී කියලා.”
මෙවර තරඟාවලියේ A කාණ්ඩය යටතේ ඉන්දියාව, පකිස්තානය හා හොංකොං කණ්ඩායම තරඟ කරන අතර, B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව , ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය තරඟ කරයි.
මතීෂ පතිරණ හෝ ඩිල්ශාන් මධුසංකට අවස්ථාව ලැබෙනවා – දසුන් ශානක පවසයි. සම්පූර්ණ විස්තරය (Click)