ඉතාමත් අඩු වයසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමු දීමට තීරණය කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ගැටලු හා අනෙකුත් සාදාරණ, අසාදාරණය සිදුවීම් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අහිමි වූ තරුණ දක්ශ ක්‍රීඩකයින් බොහෝයි. ඒ අතරින් අද (3) දින තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමුදීම ප්‍රකාශ කළ සිටියා.

තරුණ වියේදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සමුදුන් තුන් ඉරියව් ක්‍රීඩකයින්.

1. තිසර පෙරේරා ( වයස අවුරුදු 32යි )
තිසර පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින 166ක් ද, විස්සයි විස්ස තරඟ 84ක් ද, ටෙස්ට් තරඟ 6ක් ද ක්‍රීඩා කර ඇත. ඔහු ජාත්‍යන්තර ලකුණු 3745කට හා කඩුලු 237කට හිමිකම් කියන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක 14ක් හා ශතක 1ක් ලබාගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සමුගන්නා විට වයස 32කි.

2. ශෙහාන් ජයසූරිය ( වයස අවුරුදු 29)
ශෙහාන් ජයසූරිය ද මෙම වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සමු දුන් තරුණ ක්‍රීඩකයෙකි. ඔහු විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 12ක් හා විස්සයි විස්ස තරඟ 18ක් ක්‍රීඩා කර ඇති අතර සමුගන්නා විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 436ක් හා කඩුලු 6ක් ලබාගැනීමට සමත් වී ඇත. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදීමට තීරණය කළ ඇත්තේ ඇමරිකාවේ ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වීම සඳහායි.

3. සචිත් පතිරණ (වයස අවුරුදු 30)
සචිත් පතිරණ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟ 18ක් හා විස්සයි විස්ස තරඟ 5ක් ක්‍රීඩා කරමින් ලකුණු 359ක් හා කඩුලු 20ක් ලබා ගැනීමට සමත් වී ඇත. ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සමුදෙන විට වයස අවුරුදු 30කි. සචිත් පචිරණ නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජැෆ්නා ස්ටැලියන් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරුවෙක් ලෙසද ක්‍රියා කළ අතර ඔහුද ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වූ දක්ශ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *