ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාර ධූර වල වෙනසක්.
මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්හි කඩා ඇති අතර එයට ප්‍රධානම හේතුව ලෙස හිටපු ක්‍රීඩකයින් පැහැදිලි කර දුන්නේ පිට රටවල් වල පුහුණුකරුවන් විසින් ක්‍රීඩකයින් හට ලබා දෙන උපදෙස් බොහෝ ක්‍රීඩකයින්ට නොතේරීම නිසා බවයි.
මේ අතර ශ්‍රී ලංකා හිටපු සුපිරි නායකයෙක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරන මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්විය යුතු බව හිටපු ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේද අදහසයි.
ඒ අනුව හිටපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ සිට ජාතික කණ්ඩායම දක්වා විවිධ තනතුරු වලට සම්බන්ධ කර ගැනීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී ඇති බව වාර්ථා විය.
වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු උපදේශකයකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව පසුගිය දා සඳහන් වූ අතර, මහේල ජයවර්ධන හට පෞද්ගලික හේතූන් මත දීර්ඝ කාලීනව කටයුතු කිරීමට නොහැකි වීම නිසා, අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ හෝ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට අපේක්ෂා කරනව බවට සඳහන් වෙයි.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධන මහතා දූෂණ චෝදනා මත 2019 මැයි මාසයේ සිට වසර දෙකකට ආසන්න කාලයක් සේවය අත්හිටුවා තිබූ අතර මේ වසරේ අප්‍රේල් මාසයේ සිට තහනම ඉවත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ “අවිශ්ක ගුණතිලක හොඳ පුහුණුකරුවෙකු බවත්, ඔහුට 19න් පහළ කණ්ඩායමේ හෝ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ තණතුරක් ලබා දීමට කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගේ වසර දෙකක ගිවිසුම් ගත සේවා කාලය මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකා තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වන රොහාන් මහානාම, මිකී ආතර් වෙනුවට ආදේශකයක් ලෙස සලකනු ලබන බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, මිකී ආතර්ගේ පුහුණුකාරීවය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝම්බර් මාසයේදී විස්සයි විස්ස ලෝක කුසලානයට රැගෙන යාමට ඉඩ තිබේ.
මේ වන විට මිකී ආතර් යටතේ සිටින ජාතික කණ්ඩායම අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල ටෙස්ට් තරගවලදී 8 වන ස්ථානයටත්, එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරඟවල 9 වන ස්ථානයටත් පත්ව සිටී.
මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුධාන පුහුණුකරුගේ හා පිතිකරණ පුහුණුකරුගේ වසර දෙකක ධූර කාලය දෙසැම්බරයෙන් අවසන් වූ පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් වහාම ඔහුන්ව පිටත් කර හැරීමට උනන්දුව ඇති බවට වාර්ථා වෙයි.