ඉදිරි මාස 5ක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 18 දෙනෙක් ගිවිසුම්ගත වෙයි.

2021 අගෝස්තු 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු අත්සන් තබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන මඟින් නිවේදනය කරනු ලැබුවා.


තව දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතන සඳහන් කර සිටියේ මෙම නව කොන්ත්‍රාත්තුව මාස 5ක කාලයක් සඳහා වන බවත් මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන බවයි.

මෙවර ශ්‍රී ලංකා තාක්ශනික උපදේශක කමිටුව සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මඟින් සකස් කරන ලද මෙම කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් කිසිඳු ප්‍රතික්ෂේපයකින් තොරව ගිවිසුම අත්සන් කර ඇත.


මෙම කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් කාණ්ඩ 4කට වෙන් කර ඇති අතර, නායකත්වය, ඡේෂ්ඨත්වය, දක්වා ඇති දක්ශතාවයන්, ශාරීරික යෝග්‍යතාවය, විනය යන නිර්ණායක මත පදනම්ව තේරීම් කර කාණ්ඩ වලට වෙන් කර ඇත.

(Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

මේ වන විට තරඟ තහනමකට ලක්ව සිටින දනුශ්ක ගුණතිලක , කුසල් මෙන්ඩිස්, නිරෝශන් දික්වැල්ල මෙම කොන්ත්‍රාත්තුව සඳහා ඇතුළත් නොවන අතර, ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් ද මෙම නව කොන්ත්‍රාත්තුව සඳහා ඇතුලත් නොවන බව ක්‍රිකට් ආයතන මඟින් සඳහන් කර ඇත.


ඒ අනුව ඉදිරි මාස 5ක කාලය සඳහා ගිවිසුම්ගත වී ඇති ක්‍රීඩකයින් 18.

දනන්ජය ද සිල්වා –  Grade A1
කුසල් ජනිත් පෙරේරා – Grade A2
දිමුත් කරුණාරත්න – Grade A3
සුරංග ලක්මාල් – Grade B1
දසුන් ශානක – Grade B1


වනිඳු හසරංග – Grade B2
ලසිත් ඇඹුල්දෙණිය – Grade B2
පැතුම් නිස්සංක – Grade B3
ලහිරු තිරිමාන්න – Grade B3
දුශ්මන්ත චමීර – Grade C1

 (Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)

දිනේශ් චන්දිමාල් – Grade C2
ලක්ශාන් සඳකැන් – Grade C2
විශ්ව ප්‍රනාන්දු – Grade C3
ඕෂධ ප්‍රනාන්දු – Grade D1
රමේශ් මෙන්ඩිස් – Grade D1


ලහිරු කුමාර – Grade D2
අශේන් බණ්ඩාර – Grade D3
අකිල ධනංජය – Grade D3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *