ඉන්දියානුවන් පස්වන වරටත් Under 19 ලෝක කුසලානයක් දිනාගනී.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) 2022 Under 19 එක්දින ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ලෙස ඉන්දියාව හා එංගලන්තය අතර ඊයේ (5) පැවතී තරඟයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියානු යොවුන් ක්‍රීඩකයින් සමත්වුණා.

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත යොවුන් කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 44.5ක් අවසානයේ දී සියලු දෙනාදැවී ලකුණු 189ක් ලබාගැනීමට සමත්විය.

ආරම්භයේදීම කඩා වැටුනු එංගලන්ත ඉනිම ගොඩගනිමින් වැඩිම ලකුණු ලාභිය වූ James Rew පන්දු 116කදී හතරේ පහර 12ක් සමඟින් ලකුණු 95ක් ලබාගැනීමට සමත්විය.

 

ඊට අමතරව ආරම්භක පිතිකරු George Thomas පන්දු 30කදී හතරේ පහර හතරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර, James Sales පන්දු 65කදී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 34ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී ඉන්දියානු යොවුන් කණ්ඩායමේ Raj Bawa සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 9.5ක් අවසානයේ දී ලකුණු 31කට කඩුලු 5ක් බිඳදැමීමට සමත්විය. ඊට අමතරව Ravi Kumar පන්දුවාර 9කදී ලකුණු 34කට කඩුලු 4ක් හා Kaushal Tambe ලකුණු 29කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්විය.

 

අනතුරුව ලකුණු 190ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසී ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 47.4ක් අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නොම්බර 3 පිතිකරු Shaik Rasheed පන්දු 84කදී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 50ක් රැස්කිරීමට සමත්වුණා.

 

ඊට අමතරව Nishant Sindhu පන්දු 54කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් රැස්කළ අතර, Raj Bawa පන්දු 54කදී හතරේ 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 35ක් ද ලබාගැනීමට සමත්විය.

 

පන්දු යැවීමේදී එංගලන්ත යොවුන් කණ්ඩායමේ Jashua Boyden , James Sales හා Thomas Aspinwall අතරේ කඩුලු 2ක බැඟින් බෙදීගියේය.

ඒ අනුව මෙම තරඟයෙන් කඩුලු 4ක ජයග්‍රහණයත් සමඟින් ඉන්දීය යොවුන් කණ්ඩායම පස්වන වරටත් Under 19 එක්දින ලෝක කුසලානයක් දිනාගැනීමට සමත්වූ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ම දස්කම් දැක්වූ Raj Bawe වේ.

 

ජයග්‍රහණයට පන්දු 16කදී ලකුණු 7ක් අවශ්‍යව තිබූ අවස්ථාවේදී පිට පිට හයේ පහර දෙකකින් තරඟය ජයග්‍රහණ කළ අයුරු, (වීඩියෝව) 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *