ඉන්දියාවට එරෙහිව තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දසදෙනෙක් නිරෝදායනයට යොමු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඉන්දියා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරඟ තුනකින් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සඳහා තවත් ක්‍රීඩකයින් 10 දෙනෙකු කොළඹදී ජෛව බුබුළකට ඇතුළත් කර තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් 10 දෙනා ඉන්දියාවට එරෙහි විස්සයි 20 හා එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත සංචිතයේ මූලික සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින්ට දැනුම් දී තිබේ.
බංගලාදේශයට එරෙහි එක්දින තරඟාවලියේ සිට විවේක ගැන්වූ ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිවුස්, දිමුත් කරුණාරත්න, දිනේශ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින්ට මෙවරත් අවස්ථාව ලැබී නැහැ.
අද දින කොළඹ Cinnamon Grand හෝටලයේ ජෛව බුබුළකට එක් කරන ලද ක්‍රීඩකයින් දසදෙනා.
අශාන් ප්‍රියන්ජන්
අසේල ගුණරත්න
ඇන්ජලෝ පෙරේරා
සඳුන් වීරක්කොඩි
මිලින්ද සිරිවර්ධන
ඩිල්ශාන් මුණවීර
චතුරංග ද සිල්වා
රොශේන් සිල්වා
ප්‍රබාද් ජයසූරිය
ලහිරු මධුසංක
ජෙෆ්රි වැන්ඩසේ
මලින්ද පුෂ්පකුමාර
ලහිරු ගමගේ

ඉන්දියාවට එරෙහිව තරඟ කාල සටහන
පලමු එක්දින තරඟය – ජූලි 13
දෙවන එක්දින තරඟය – ජූලි 16
තුන්වන එක්දින තරඟය – ජූලි 18
පලමු විස්සයි විස්ස තරඟය – ජූලි 21
දෙවන විස්සයි විස්ස තරඟය – ජූලි 23
තුන්වන විස්සයි විස්ස තරඟය – ජූලි 25