ඉන්දියාවට එරෙහිව පලමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න

(ශ්‍රී ලංකා කණ්ඩායම පහළින් සදහන් කර ඇත) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරඟ 2කින් යුත් ටෙස්ට් තරඟාවලිය හෙට (පෙබරවාරි 4) ආරම්භක වීමට නියමිත වන අතර, තරඟාවලිය ආරම්භක වීමට පෙර නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් තරඟාවලිය පිලිඹඳ අදහස් දක්වා සිටියා.

 

 

ශ්‍රී ලංකාව තවමත් ඉන්දියාවේදී ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කළ නොමැති හෙයින්, මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට කණ්ඩායමෙ සැළසුම ලෙස දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ මෙවැන්නක්,

“අපි ආවසානයට තිබුණ මැච් එක ජයග්‍රහණය කරලා තියෙන්නේ. නමුත් ඉන්දියාව එක්ක ඉන්දියාවේ ක්‍රීඩා කරලා තරඟයක් දිනනවා කියන්නේ පහසු දෙයක් නොවේ. අපි පුහුණුවීම් කරලා තියනවා, කොහොමද තරඟයක් ජයග්‍රහණය කරන්නේ කියලා අපි ප්ලෑන් කරලා තියනවා. අපි පිතිකරුවන් 7ක් හා ප්‍රධාන පන්දු යවන්නන් 4ක් එක්ක තමයි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වන්නේ.”

 

 

“මම දකින විදිහට අපි වෙනදා ඉන්දියාවට එනවට වඩා දැන් අපේ ක්‍රීඩකයින්ගේ ලොකු විශ්වාසයක් තියනවා. මොකද , අපි අන්තිම අවුරුද්දේ හොඳින්ම ටෙස්ට් තරඟ ක්‍රීඩා කරලා තියනවා. ඡේශ්ඨ ක්‍රීඩකයින් කණ්ඩායමට පැමිණ තිබෙනවා. ඒ ෆීලින් එකත් එක්ක මම හිතනවා මේ තරඟාවලියේදී අපිට ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා. ”

“අනිවාර්යයෙන්ම අපි වේගපන්දු යවන්නන් තුන්දෙනෙක් එක්ක ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පිච් එක ෆාස්ට් බෝලින් වලට සපෝර්ට් කරන නිසා. ඉන්දියා කණ්ඩායමත් අනිවාර්යයෙන්ම ෆාස්ට් බෝලර්ස්ලා තුන්දෙනෙක් ක්‍රීඩා කරනවා. අපිට ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙන්නෙක්ට ඉන්නේ ඇඹුල්දෙණිය යි, ප්‍රවීන් ජයවික්‍රමයි. ඔවුන් දෙන්නාගෙන් එක් ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරලා දනංජය ද සිල්වත්, චරිත් අසලංකත් පන්දු යවන්න යොදාගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.”

 

 

නිමාවූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලියේදී ළහිරු තිරිමාන්න ක්‍රීඩා නොකළ හේතුවෙන් පැතුම් නිස්සංක ආරම්භක පිතිකරු ස්ථානයේ පන්දුවට පහරදෙමින් හොඳින් ලකුණු ලබාගත් අතර, නැවතත් ළහිරු තිරිමාන්න කණ්ඩායමට පැමිණ ඇති බැවින් පැතුම් නිස්සංකට ආරම්භක ස්ථානය අහිමිවන බව දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටියා.

“බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේදී පැතුම් නිස්සංක ඕපන් කරේ ළහිරු තිරිමාන්න ක්‍රීඩා නොකරපු නිසා. තිරිමාන්න අන්තිම කාලයේ හොඳින්ම ක්‍රීඩා කරලා ලකුණු ලබාගත්‍තා. ඒ නිසා තිරිමාන්න අනිවාර්යයෙන්ම මමත් සමඟ ඉනිම ආරම්භක කරනවා. ඒ නිසා පැතුම් නිස්සංක නො. 3 තමයි ක්‍රීඩා කරන්න ඉන්නේ.” කඩුලු රැකීමේ කාර්යය නිරෝශන් දික්වැල්ල සිදුකරාවි.

 

 

ගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් දිමුත් කරුණාරත්නගේ මෙම වසරේ සැළසුම ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේ ආරම්භය හොඳින් සිදුකරමින් පෙර වසරේ මෙන්ම ලකුණු ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.

“දැනට මම ඉන්දියාවේ ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරඟ 3යි. ඒ තරඟ වලදිත් මට හොඳින් ක්‍රීඩා කරන්න බැරි වෙලා තියනවා. ඒ නිසා මේක මම ඉන්දියාවේ ක්‍රීඩා කරන හොඳම තරඟාවලිය කරගන්න බලාපොරොත්තු වෙනවා. ගිය අවුරුද්දේ ඒවා දැන් අවසන් වෙලා තියෙන්නේ. අලුත් අවුරුද්දෙත් හොඳට ආරම්භ කරලා ගිය අවුරුද්දේ වගේම හොඳින් ලකුණු ලබාගෙන කණ්ඩායම ජයග්‍රහණයට දායකත්වයක් ලබාදෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ”

 

 

ඊට අමතරව ආබාධයකට ලක්ව සිටි කුසල් මෙන්ඩිස් මෙම තරඟය සඳහා ක්‍රීඩා නොකරන බවයි දිමුත් පවසා සිටියේ,

“කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවේදී ආබාධයකට ලක්වුණාට පස්සෙ දැන් හොඳ වෙලා තියනවා. නමුත් ඔහුට තව කාලයක් විවේකය ලබාදෙන්න ඕන නිසා මෙම තරඟ ක්‍රීඩා කරන්නෙ නැහැ. මොකද ටෙස්ට් තරඟයක් කියන්නේ දින 5ක තරඟයක්. ඒ නිසා ආබාධය 100%ක්ම හොඳ වුණ ගමන් නැවත ක්‍රීඩා කරලා ආබාධ වුනහොත් ඒක කණ්ඩායමට ලොකු පාඩුවක් වෙනවා. දෙවෙනි තරඟයේදී අපි නැවත කුසල් මෙන්ඩිස් ද යොදාගන්න පුලුවන් ද කියලා බලනවා.”

 

 

නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළ අදහස් වලට අනුව පලමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම,

1) දිමුත් කරුණාරත්න

 

 

2) ළහිරු තිරිමාන්න

 

 

3) පැතුම් නිස්සංක

 

 

4) චරිත් අසලංක

 

 

5) ඇන්ජලෝ මැතිව්ස්

 

 

6) දනංජය ද සිල්වා

 

 

7) නිරෝශන් දික්වැල්ල

 

 

8) සුරංග ලක්මාල්

 

 

9) ලසිත් ඇඹුල්දෙණිය හෝ ප්‍රවීන් ජයවික්‍රම

 

 

10) ලහිරු කුමාර

 

 

11) විශ්ව ප්‍රනාන්දු

 

 

දුශ්මන්ත චමීර හට පලමු තරඟයේ විවේකයක් ලබාදෙන බව දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළ අතර තවදුරටත් ඔහු පවසා සිටියේ දෙවන ටෙස්ට් තරඟය දිවා – රාත්‍රි තරඟයක් හේතුවෙන් එම තරඟයේදී දුශ්මන්ත චමීරව යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

 

කෙසේ නමුත්, හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය ද, මෙම ටෙස්ට් තරඟාවලිය ක්‍රීඩා කිරීමට සුදුසු ශ්‍රී ලංකා කණ්ඩායමක් නම් කළ අතර එම කණ්ඩායමේ නිරෝශන් දික්වැල්ලට අවස්ථාවක් නොලැබිණි. (එම කණ්ඩායම මෙතනින් බලන්න) Click

Leave a Reply

Your email address will not be published. Required fields are marked *