ඉන්දියාව පරදා, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැකිය) ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟ 5ලින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (1) පැවත්වුණ අතර එම තරඟයෙන් කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක Nicholas Pooran පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ඉන්දියා කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 138ක් පමණයි.
ඉන්දියා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හර්දික් පාන්ඩ්‍යා පන්දු 31කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව රවීන්ද්‍ර ජඩේජා පන්දු 30කදී එක් හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබාගත් අතර රිශාබ් පාන්ට් පන්දු 12කදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්විය. නායක රෝහිට් ශර්මා හට ලබාගැනීමට ලකුණු ලබාගැනීමට හැකිවූයේ නෑ.
පන්දු යැවීමේදි විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට Obed McCoy සමත්වූ අතර ඔහු පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 17කට කඩුලු 6ක් බිඳ දැමීමට සමත්වුණා.
ඔහුගේ මෙම පන්දු යැවීම ඉන්දියාවට එරෙහිව විස්සයි විස්ස තරඟයකදී පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමයි..
මීට පෙර එම වාර්තාව සතුවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට වන අතර, ඔහු 2021දී ශ්‍රී ලංකාවේදී පැවතී විස්සයි විස්ස තරඟයේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 9කට කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.
Obed McCoy ට අමතරව Jason Holder ලකුණු 23කට කඩුලු 2ක් දවාගත් අතර, Akeal Hosein ලකුණු 22කට එක් කඩුල්ලක් ද දවාගැනීමට සමත්වුණා.
අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.2ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Brandon King අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 52කදී හතරේ පහර 8ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබාගැනීමට සමත්වුණා.
ඊට අමතරව Devon Thomas පන්දු 19කදී හතරේ පහරක් හා හයේ පහර 2ක් සමඟින් වේගවත් ලකුණු 31ක් ලබාගත් අතර, නායක Nicholas Pooran පන්දු 11කදී ලකුණු 14ක්ද ලබාගැනීමට සමත්විය. (Kyle Mayers – 8 , Shimron Hetmyer -6 , Rovman Powell – 5 )
පන්දු යැවීමේදී, Arshdeep Singh , Ravindra Jadeja, Ravichandran Ashwin , Hardik Pandya හා Avesh Khan අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.
ඒ අනුව, තරඟ 5කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් ඉන්දියාව පරදා කඩුලු 5ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්වූ අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට හැකිවූයේ ලකුණු 17කට කඩුලු 6ක් බිඳ දැමූ Obed McCoy වේ.
Obed McCoy ලබාගත් කඩුලු 6 වීඩියෝව,
— cric fun (@cric12222) August 2, 2022