ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි පරාජයක්.
(දසුන් ශානකගේ ඉනිමේ වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) ඉන්දියාවේ පැවැත්වන තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟය ලෙස අද (27) පැවතී තරඟයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්ථා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
Dharamsala හීදී පැවතී මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංක නායක දසුස් ශානක පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 146ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 38කදී හතරේ පහර 9ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 74ක් ලබාගැනීමට සමත්විය. මෙම ඉනිම ඔහුගේ ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිමයි.
ඊට අමතරව ඡේශ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් පන්දු 27කට මුහුණදෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබාගත් අතර, චාමික කරුණාරත්න පන්දු 19කදී නොදැවී ලකුණු 12ක් ලබාගැනීමට සමත්විය. දනුශ්ක ගුණතිලක 0(1) , පැතුම් නිස්සංක 1(10), චරිත් අසලංක 4(6), ජනිත් ලියනගේ 9(19)
පන්දු යැවීමේදී, Avesh Khan පන්දුවාර 4 අවසානයේදී ලකුණු 23කට කඩුලු 2ක් දවාගත් අතර, Mohammed Siraj, Harshal Patel හා Ravi Bishnoi අතරේ එක්කඩුල්ල බැඟින් බෙදීගියේය.
අනතුරුව, ලකුණු 147ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 148ක් ලබාගනිමින් පහසුවෙන්ම තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.
ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Shreyas Iyer පන්දු 43කදී හතරේ පහර 9ක් හා එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 73ක් රැස්කරගැනීමට සමත්විය. ඔහු මෙවර තරඟාවලියේ තරඟ තුනේදීම අර්ධ ශතක රැස්කරගැනීමට සමත්වුණා.
ඊට අමතරව, Deepak Hooda පන්දු 16කදී හතරේ පහරක් හා හයේ පහරක් සමඟින් ලකුණු 21ක් හා Ravindra Jadeja පන්දු 15කදී ලකුණු 22ක් රැස්කරගැනීමට සමත්වූ අතර ආරම්භක පිතිකරු Sanju Samson පන්දු 12කදී ලකුණු 18ක් ලබාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ලහිරු කුමාර පන්දුවාර 3.5ක් අවසානයේදී ලකුණු 39කට කඩුලු 2ක් දවාගනු ලැබූ අතර, දුශ්මන්ත චමීර හා චාමික කරුණාරත්න අතරේද එක් කඩුල්ල බැඟින් බෙදීගියේය.
ඒ අනුව, තුන්වන විස්සයි විස්ස තරඟයත් ජයග්‍රහණය කිරීමත් සමඟින් දෙරට අතර තරඟ තුනකින් යුත් T20 තරඟාවලිය ඉන්දියාව තරඟ 3-0 පූර්ණ තරඟාවලි ජයග්‍රහණයක් ලබාගත් අතර තරඟයේ හා තරඟාවලියේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ Shreyas Iyer වේ.
දසුන් ශානකගේ වේගවත් ඉනිම, (Video)