ඉන්දියාව B කණ්ඩායමක් නොව C කණ්ඩායමක් යැව්වත් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කළ හැකියි. – කම්රාන් අක්මාල්

ජූලි මාසයේ ඉන්දියා කණ්ඩායම සීමිත පන්දුවාර තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමිට නියමිත අතර ජුනි 18, නවසීලන්තය සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරඟය හා අගෝස්තු මාසයේදී එංගලන්ත කණ්ඩායම සමඟ ටෙස්ට් තරඟාවලියකට ද සහභාගී වීමට නියමිතයි.


කෙසේ නමුත් ශ්‍රී ලංකාවට සමඟ එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 5කින් යුත් තරඟාවලියට ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් සහභාගී නොවී තරුණ ක්‍රීඩායින්ගෙන් යුත් සංචිතයක් සහභාගී වන ඉන්දීය ක්‍රිකට් ආයතනය මඟින් ප්‍රකාශ කර ඇත.

Photo by Arjun Singh / Sportzpics for BCCI

පාකිස්තානයේ හිටපු කඩුලු රකින්නා වන කම්රන් අක්මාල්, ඉන්දීය කණ්ඩායමට රටවල් දෙකක එකවර සංචාරය කිරීමට ඇති හැකියාව පැසසුමට ලක් කළේය.

“ඉන්දියාවට කණ්ඩායම් දෙකක් වරකට ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇත, එකක් එංගලන්තයේ සහ එක් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ.  ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිය කෙතරම් ශක්තිමත් ද යත්, ඔවුන්ට එකවර ජාත්‍යන්තර කණ්ඩායම් තුනක් පවා ඉදිරිපත් කළ හැකිය.


ඉන්දියාව විසින් බී කණ්ඩායමක් නොව සී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යැවුවද ඔවුන්ට පහසුවෙන් තරඟාවලිය ජයග්‍රහණය කරනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෑතකදී බංග්ලාදේශයට ද තරඟාවලියක් පරාජය විය.

අක්මාල් තවදුරටත් කියා සිටියේ ඉන්දියාවේ මෙම ක්‍රිකට් වල දියුණුව සඳහා ගෞරවය ඉන්දීය ක්‍රිකට් කළමනාකාරීත්වයට හා රාහුල් ඩ්‍රාවිඩ් හට ලබා දිය යුතු බවයි.


“රාහුල් ඩ්‍රාවිඩ් අවුරුදු 7-8ක් බී.සී.සී.අයි සමඟ වැඩ කරලා තියනවා. ඔහු ඉන්දීය තරුණ ක්‍රීඩකයින් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් බවට පත් කරනවා. පසුව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ත්‍රී ඔහුන්ව නිවැරැදිව කළමනාකරණ කරනවා” ලෙස අක්මාල් ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවට නායකත්වයේ අඩුවක් ද නොමැති අතර පලමුව මහේන්ද්‍ර සිං දෝණි ඉන්දීය හා විරාට් කෝලි ඉන්දීය කණ්ඩායම ඉහළම තැනකට ගෙන ගොස් තිබෙනවා. මේ අතර විරාට් කෝලි විවේක ගන්වා රෝහිත් ශර්මා හට නායකත්වය ලබා දී තිබෙනවා. රෝහිට් ශර්මා ආබාධයකට ලක් වුවහොත් කේ.එල් රාහුල් ඉන්නවා. ඒ නිසා ඉන්දීය කණ්ඩායමට නායකත්වයේ ද අඩුවක් නැති බව අක්මාල් විසින් ප්‍රකාශ කර සිටියේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *