ඉන්දියා මහරාජාස් කණ්ඩායම පරදා, වර්ල්ඩ් ජයන්ට්ස් තරඟාවලියේ පලමු ජය වාර්ථා කරයි.

(වීඩි‍යෝ එක පහළින් නැරඹිය හැක) 2022 ලෙජන්ඩ් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තුන්වන තරඟය ලෙස අද (22) පැවතී වර්ල්ඩ් ජයන්ට්ස් හා ඉන්දියා මහරාජාස් අතර තරඟයෙන් කඩුලු 3ක විශිෂ්ඨ ජයක් වාර්ථා කිරීමට වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

 

 

 

තරඟයේ කාසියේ වාසිය දිනාගත් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා මහරාජාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 209ක් ලබා ගැනීමට සමත්විය.

වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Naman Ojha ලෙජන්ඩ් ලීග් තරඟාවලියේ පලමු ශතකය රැස්කළ අතර ඔහු පන්දු 49දී හතරේ පහර 15ක් හා හයේ පහර 9ක් සමඟින් ලකුණු 140ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව මහරාජාස් කණ්ඩායමේ නායක Mohammad Kaif පන්දු 14කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින්ල කුණු 53ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී ජයන්ට්ස් කණ්ඩායමේ Jay Sidebottom විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ඔහු පන්දුවාර 3 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් දවාගත් අතර Morne Morkel ලකුණු 24කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

 

 

 

අනතුරුව ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹා යැමට පිටියට පිවිසී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබාගනිමින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත්විය.

වර්ල්ඩ් ජයන්ට්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාබියා වූ Kevin Pietersen වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27කදී හතරේ පහර 2ක් හා හයේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ලබාගැනීමට සමත්විය.

 

 

ඊට අමතරව නායක Daren Sammy පන්දු 11කදී හතරේ පහරක් හා හයේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබාගත් අතර තරඟය අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වර්ල්ඩ් ජයන්ට්ස් ජයග්‍රහණය කරවූ ඉම්රාන් ටහීර් පන්දු 19කදී හතරේ පහර 3ක් හා හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබාගැනීමට සමත් විය.

 

 

පන්දු යැවීමේදී මහරාජාස් කණ්ඩායම වෙනුවෙන් Stuart Binny ලකුණු 22කට කඩුලු 2ක් හා Munaf Patel ලකුණු 52කට කඩුලු 2ක් දවාගත් අතර, Manpreet Gony, Hemang Badani, Venugopal Rao අතරේද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

ඒ අනුව ලෙජන්ඩ් ක්‍රිකට් ලීග් තරඟාවලියේ වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම පලමු ජයග්‍රහණය, ඉන්දියා මහරාජාස් කණ්ඩායමට එරෙහිව ලබාගත් අතර, තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ පරාජිත කණ්ඩායමේ ශතකයක් ලබාගත් Naman Ojha වේ.

 

 

ඉම්රාන් ටහීර්ගේ වේගවත් පිතිහරඹය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *