ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරඟ තුනම ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත්වෙයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ අද (23) පැවතී තුන්වන එක්දින තරඟයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්ථා කිරීම හේතුවෙන්, තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ප්‍රබල දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.

 

(Photo by Grant Pitcher/Gallo Images/Getty Images)

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක KL රාහුල් පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49.5ක් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 287ක් ලබාගැනීමට සමත් විය.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ක්වින්ටන් ඩි කොක් ශතකයක් ලබාගත් අතර, ඔහු පන්දු 130කදී හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් සමඟින් ලබාගත් ලකුණු සංඛ්‍යාව 124ක්.

 

(Photo by Ashley Vlotman/Gallo Images)

අද දින ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ 17වන ශතකය ලබාගැනීමට සමත් වූ අතර, මෙම ශතකය ඉන්දියාවට එරෙහිව ඩි කොක් ලබාගත් 6 වන එක්දින ශතකයයි.

ක්වින්ටන් ඩි කොක් අද ලබාගත් ශතකයෙන් අනතුරුව, ඉන්දියාවට එරෙහිව වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර දෙවෙනි ස්ථානයට පත්වීමට හැකිවූ අතර, මීට පෙර කුමාර් සංගක්කාර, රිකී පොන්ටින්, ඒ බී ඩිවිලියර්ස් ඉන්දියාවට එරෙහිව එක්දින ශතක 6 බැඟින් ලබාගෙන ඇත. ඉන්දියාව එරෙහිව එක්දින පිටියේ වැඩිම ශතක ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය වේ. ඔහු ලබාගෙන ඇති ශතක ප්‍රමාණය 7ක්.

 

ඊට අමතරව මෙම තරඟයේදී, Van Der Dussen පන්දු 59කදී හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබාගත් අතර, David Miller පන්දු 38කදී ලකුණු 39ක් ද ලබාගැනීමට සමත් විය.

 

(Photo by RODGER BOSCH/AFP via Getty Images)

පන්දු යැවීමේදී, Prasidh Krishna ලකුණු 59කට කඩුලු 3ක් ද, Jasprit Bumrah ලකුණු 52කට කඩුලු 2ක් ලබාගත් අතර, Deepak Chahar ලකුණු 53කට කඩුලු 2ක් හා, Yuzvendra Chahal ද එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 283ක් පමණයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හිටපු නායක විරාට් කෝලි පන්දු 84කදී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබාගැනීමට සමත්විය.

 

(Photo by Grant Pitcher/Gallo Images/Getty Images)

ඊට අමතරව, ආරම්භක පිතිකරු Shikar Dawan පන්දු 73කදී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 61ක් රැස්කළ අතර, අවසානයේදී Deepak Chahar පන්දු 34කදී හතරේ පහර 5ක් හා හයේ පහරවල් 2ක් සමඟින් ලකුණු 54ක් ලබාගත් නමුත්, ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරවීමට නොහැකි විය.

 

(Photo by RODGER BOSCH/AFP via Getty Images)

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන්, Lungi Ngidi හා A Phehlukwayo කඩුලු 3 බැඟින් ලබාගත් අතර, Dwaine Pretorius කඩුලු 2ක් හා Sisanda Magala හා Keshav Maharaj අතරේ ද එක් කඩුල්ල බැඟින් බෙදී ගියේය.

ඒ අනුව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර තුන්වෙනි තරඟය ද, දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තරඟයේ වීරයා හා තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම දිනාගැනීමට සමත් වූයේ ක්වින්ටන් ඩි කොක් වේ.

 

(Photo by Ashley Vlotman/Gallo Images)

 

විරාට් කෝලි, තරඟය නැරඹීමට පැමිණ සිටි ඔහුගේ දුව වෙනුවෙන් අර්ධ ශතකය ලබාගැනීමෙන් අනතුරුව කළ සැමරුම.  (වීඩියෝ)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *