ඉන්දීය ක්‍රීඩකයින්ට වඩා අපේ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටිනවා. – නව නායක දසුන් ශානක ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා – ඉන්දියාව අතර එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ලබන 18 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර, මෙම තරඟාවලියට ද ශ්‍රි ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින්ව ඇතුළත් නොකර තරුණ ක්‍රීඩකයින් පමණක් ඇතුලත් කර ගැනීමට තේරීම් කමිටුව විසින් තිරණය කර තිබුණා.
මේ අතර නිමා වූ බංගලාදේශ හා එංගලන්තය සංචාර දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට නායකත්වය අහිමි වූ අතර නව නායකත්වය දසුන් ශානක හට ලබා දීමට තීරණය කෙරුණා.

නායකත්වය ලැබීමෙන් අනතුරුව දසුන් ශානක අද ප්‍රථම වතාවට මාධ්‍යට අදහස් දැක් වූ අතර එහිදි ඔහු සඳහන් කර සිටියේ, තමාට නායකත්වය ලැබීම සම්බන්ධයෙන් තමාට ලොකු ගෞරවයක් මෙන්ම සතුටක් ද තිබෙන බවයි.
“ඇත්තටම මට ගොඩාක් සතුටුයි වගේම ලොකු ගෞරවයක් තියනවා රටේ නායකයා වීම සම්බන්ධයෙන්. ඒ වගේම සංචිතයේ ඉන්න ගොඩාක් ක්‍රීඩකයින් තරුණ ක්‍රීඩකයින් නිසා මේ වෙලාවේ ගොඩාක් ලොකු චැලේන්ජ් එකකුත් තියනවා. ඉතින් ඔවුන්ටත් ගොඩාක් හොඳ අවස්ථාවක් ලැබිලා තියනවා ඔවුන් ක්ලබ් වල, ඒ ටීම් වල වගේම ජාතික කණ්ඩායමෙත් දක්ශතා පෙන්නන්න. ”
“තරුණයින් සමඟ ක්‍රීඩා කරන විට මුලින්ම කරන්න ඕනේ හැමෝම ක්‍රීඩකයින්ව කණ්ඩායමක් විදිහට එකතු කරන එක. අපි හැමෝටම ලොකු වගකීමක් තියනවා රට වෙනුවෙන් ක්‍රීඩා කරලා තරඟාවලිය හොඳින් අවසන් කරන්න. ”
“ඉන්දියා සංචිතය ගත්තොත් එයාලගෙත් තරුණ ක්‍රීඩකයින් රැසක් සහභාගි වෙලා ඉන්නවා. එතකොට මේ තරඟාවලිය සම්බන්ධයෙන් එයාලටත් චැලේන්ජ් එකක් තියනවා. අපේ ක්‍රීඩකයින් එංගලන්තයේ ගිහිල්ලා ක්‍රීඩා කරලා අත්දැකීමක් අරගෙන තියනවා. එහෙම බැලුවොත් ඉන්දීය ක්‍රීඩකයින්ට වඩා අපේ තරුණ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටිනවා.”
“අපි කොච්චර අසාර්ථක වුනත් අපේ ක්‍රීඩා ලෝලීන් හැම වෙලාවෙම අපිත් එක්ක සිටියා. මම හිතනවා මේ තරඟාලියේදී අපේ ක්‍රීඩකයින් හොඳින් දක්ශතා අතරට ඇවිල්ලා ප්‍රේක්ෂකයින්ට හොඳ තරඟාවලියක් නරඹන්න අවස්ථාව ලබා දෙයි කියලා. අපි මේ වෙලාවේ පොඩි පසු බෑමක ඉන්න වෙලාවේ අපේ ක්‍රීඩකයින්ව දිරිමත් කරන්න කියලා තමයි මම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලන්නේ.”

ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමට නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් නරඹන්න.