ඉන්දීය තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ජෛව බුබුල සිටින ක්‍රීඩකයින් 39 දෙනාගෙන් තෝරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම සමඟ මේ මාසයේදී එක්දින තරඟ 3ක් හා විස්සයි විස්ස තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ඉදිරි වාර්ෂික කොන්ත්‍රාත්තුව ගැටලු සහගත වීම හේතුවෙන් ක්‍රීඩකයින් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර මෙවර එංගලන්තය සංචාරය සඳහා ද එක් වූයේ කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් කිරීමෙන් තොරවයි.

මෙවර ක්‍රීඩකයින් එංගලන්ත සංචාරයෙන් අනතරුව ශ්‍රී ලංකාවට පැමිණ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත්, දැනට ජෛව බුබුළු ගතව සිටින ගිවිසුම් ගත ක්‍රීඩකයින් 39 දෙනාගෙන් ඉන්දීය තරඟාවලිය ක්‍රීඩා කරන බව වත්මන් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

 (Photo by Quinn Rooney/Getty Images)

“මෙම ක්‍රීඩකයින් මේ වන විට පුහුණුවීම් කරමින් සිටින අතර ඔවුන් ඉන්දීය තරගාවලිය සඳහා තෝරා ගැනීම සඳහා අපි සලකා බලනවා. අපි තවමත් ඉන්දියාව සමඟ තරගාවලිය සඳහා සංචිතය තෝරාගෙන නැහැ. ඉරිදා එංගලන්තයට එරෙහි තුන්වන හා අවසාන එක්දින තරගයෙන් පසුව අපි එය කරන්නෙමු,” ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසීය.

ඉන්දීය තරඟාවලිය සඳහා ද නායකයෙක් තෝරාගැනීම ද, ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමෙන් අනතුරුව සිදුකරන බව තව දුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ඡේෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිවුස් , ලහිරු තිරිමාන්න , දිනේශ් චන්දිමාල් , සුරංග ලක්මාල් යන ක්‍රීඩකයින් ඉන්දීය තරඟාවලිය සඳහා ද, පුහුණුවීම් සඳහා කැඳවා නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *