ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා වර්ල්ඩ් ලෙජන්ඩ් Xi කණ්ඩායමට විශිෂ්ට ජයක්.
(වීඩියෝ එක පහළින් නැරඹිය හැක) කණ්ඩායම් 5කින් සමත්විත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වන Friendship CUP නම් පන්දුවාර 10කින් යුත් තරඟාවලියේ පලමු තරඟය ලෙස ඊයේ පැවතී World Legend XI හා India Legends කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 73ක ජයක් වාර්ථා කිරීමට World Legends Xi කණ්ඩායම සමත්වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් World Legends Xi කණ්ඩායම පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 139 ක් ලබාගැනීමට සමත්විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Asghar Afghan පන්දු 18කදී හතරේ පහර 5ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Phil Mustand පන්දු 13කදී හතරේ පහර තුනක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 28ක් ලබාගත් අතර, තිලකරත්න ඩිල්ශාන් පන්දු 11කදී හතරේ පහර 2ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී Imtiyas Ahmed නියමිත පන්දුවාර 2 අවසානයේදී ලකුණු 20කට කඩුලු දෙකක් දවාගත් අතර Ajay Sharma ලකුණු 23කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත්වුණා.
අනතුරුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා ලෙජන්ඩ් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 66ක් පමණයි.
ඉන්දියා ලෙජන්ඩ්ස් ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු Jai Prakash Yadav පන්දු 13කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Ajay Sharma පන්දු 14කදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබාගත් අතර, Mohammed Azharuddin පන්දු 19කදී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබාගැනීමට සමත්විය.
පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන Graeme Cremer විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 2 අවසානයේදී ලකුණු 5කට කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර Syed Rasel ද එක් කඩුල්ලක් ලබාගැනීමට සමත්වුණා. චමින්ද වාස් එක් පන්දුවාරයක් ක්‍රියාත්මක කර ලකුණු 12ක් ලබාදි කඩුලු ලබාගැනීමට නොහැකි වුණ අතර, තිලකරත්න ඩිල්ශාන්ට ද කඩුලු ලබාගැනීමට නොහැකි විය.
ඒ අනුව තරඟාවලිය ආරම්භ වෙමින් පැවතී පලමු තරඟයෙන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරදා වර්ල්ඩ් ලෙජන්ඩ් Xi කණ්ඩායම විශිෂ්ට ජයක් වාර්ථා කළ අතර තරඟයේ වීරයා සම්මානය දිනාගනු ලැබූයේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Asghar Afghan වේ.
තරඟයේ විශේෂ අවස්ථා (Highlights) මෙතනින් නරඹන්න