ඉන්දීය හිටපු ක්‍රීඩක ඉර්ෆාන් පතාන් මෙවර IPL තරඟාවලියේ ඔහුගේ කණ්ඩායම නම්කරයි.
15 වන වරටත් පැවත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය දා (29) අවසන් වූ අතර අවසන් තරඟයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක ජයක් ලබාගැනීමට හර්දික් පාන්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.
තරඟාවලිය අවසානයේදී, මෙවර තරඟාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දක්ශතා සැළකිල්ලට ගනිමින් ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩකයෙක් වන ඉර්ෆාන් පතාන් අතිරේක ක්‍රීඩකයෙක් සමඟ ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කර තිබෙනවා.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරඟ වැදුනු අතර ඉර්ෆාන් පතාන් නම් කරන ලද කණ්ඩායම සඳහා ඇතුළත් කර ඇත්තේ කණ්ඩායම් 7ක ක්‍රීඩකයින් පමණයි. මුම්බායි ඉන්දියන්ස් , චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් වලින් ක්‍රීඩකයින් ඇතුළත් කර නොමැත.
ඔහුගේ කණ්ඩායමේ වැඩිම සාමාජික පිරිසක් ශූරතාවය දිනාගත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ඇතුලත් කර ඇති අතර එහි ක්‍රීඩක සංඛ්‍යාව 4ක්.
ඊට අමතරව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ක්‍රීඩකයින් 3ක් හා ලක්නව් සුපර් ජයන්ට්ස් , පන්ජාබ් කින්ග්ස් , රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් වලින් එක් ක්‍රීඩකයෙකු බැඟින් ඇතුලත් කර තිබෙනවා.
අතිරේක ක්‍රීඩකයා (12 වන ක්‍රීඩකයා) ලෙස නම් කර ඇත්තේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩක කුල්දීප් යාදෙව් වේ.
මෙවර IPL තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාකික ක්‍රීඩකයින් 5 දෙනෙකු ක්‍රීඩා කළ නමුත් ඉර්ෆාන් පතාන් නම් කළ කණ්ඩායමට කිසිම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුලත් කර නොමැත. රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් ක්‍රීඩක වනිඳු හසරංග තරඟාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා වූවත් ඔහුගේ නමද ඇතුලත් කර නොමැති වීම විශේෂත්වයකි.
ඉර්ෆාන් පතාන් මෙම නම් කරන ලද කණ්ඩායමේ නායකත්වය හර්දික් පාන්ඩ්‍යා හට ලබාදී ඇති අතර කඩුලු රැකීමේ කාර්යය ලබාදී ඇත්තේ සන්ජු සැම්සන් ට වේ.
ඒ අනුව, ඉර්ෆාන් පතාන් විසින් නම් කරන ලද කණ්ඩායම මෙන්න.
1) ලෝකේෂ් රාහුල් – ලක්නව් සුපර් ජයන්ට්ස්
ඉනිම් 15කදී, අර්ධ ශතක 4ක් හා ශතක 2ක් සමඟින් ලකුණු 616ක් ලබාගැනීමට සමත්වුණා. ඇවරේජ් 51.33ක් වන අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 103* කි.
2) ජෝස් බට්ලර් – රාජස්ථාන් රෝයල්ස්
ඉනිම් 17කදී, අර්ධ ශතක 4ක් හා ශතක 4ක් සමඟින් ලකුණු 863ක් ලබාගැනීමට සමත්වුණා. ඇවරේජ් 57.53ක් වන අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 116 කි.
3) සන්ජු සැම්සන් – රාජස්ථාන් රෝයල්ස්
ඉනිම් 17කදී, ලකුණු 458ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 2ක් ද සමඟිනි.. ඇවරේජ් 28.63ක් වන අතර ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව 55කි.
4) හර්දික් පාන්ඩ්‍යා – ගුජරාට් ටයිටන්ස්
හර්දික් පාන්ඩ්‍යා ඉනිම් 15කදී, අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 487ක් ලබාගැනීමට ඇත්තේ ඇවරේජ් 44.27ක් ද සමඟිනි. ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව – 87* කි.
පන්දු යැවීමෙන් කඩුලු 8ක් ද දවාගැනීමට සමත්විය..ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ අවසන් මහා තරඟයේදී ලකුණු 17කට කඩුලු 3ක් බිඳ හෙලීමයි.
5) ලියම් ලිවින්ස්ටන් – පන්ජාබ් කින්ග්ස්
ඉනිම් 14කදී, අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 437ක් ලබාගැනීමට ලියම් ලිවින්ස්ටන් සමත්විය. ඇවරේජ් 36.42. ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව 70 කි.
ඔහු පන්දු යැවීමෙන්ද කඩුලු 6ක් බිඳ දමාඇති අතර ඉනිමක හොඳම පන්දු යැවීම වනුයේ ලකුණු 27කට කඩුලු 3ක් බිඳ හෙලීමයි.
6) ඩේවිඩ් මිලර් – ගුජරාට් ටයිටන්ස්
ඉනිම් 16කදී, අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 481ක් ලබාගැනීමට ඩේවිඩ් මිලර් සමත්වී ඇත.. ඉනිමක වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව 94*කි. ඇවරේජ් – 68.71
7) රශීඩ් ඛාන් – ගුජරාට් ටයිටන්ස්
තරඟ 16කදී කඩුලු 19ක් දවාගැනීමට රශීඩ් ඛාන් සමත්වී ඇති අතර ඉනිමව හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ ලකුණු 24කට කඩුලු 4ක් බිඳ හෙලීමයි.
පන්දුවට පහරදිමේදී ඉනිම් 8කදී ලකුණු 91ක් ලබාගෙන ඇති අතර වැඩිම ලකුණු සංඛ්‍යාව 40කි. ඇවරේජ් – 22.75
8) හර්ශාල් පටෙල් – රෝයල් චැලන්ජර්ස් බැංගලෝර්
හර්ශාල් පටෙල් තරඟ 15කදී කඩුලු 19ක් දවාගැනීමට සමත්වී ඇති අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ ලකුණු 34කට කඩුලු 4ක් බිඳ හෙලීමයි.
9) උම්රාන් මලික් – සන්රයිසස් හයිද්‍රාබාද්
තරඟ 14කදී කඩුලු 12ක් දවාගැනීමට උම්රාන් මලික් සමත්වී ඇති අතර ඉනිමක හොඳම පන්දු යැවීම – 25/5. මෙවර තරඟාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනාගනු ලැබුයේ උම්රාන් මලික් විසිනි.
10) මොහොමඩ් ශාමි – ගුජරාට් ටයිටන්ස්
තරඟ 16කදී කඩුලු 20ක් දවාගැනීමට මොහොමඩ් ශාමි සමත්වී ඇති අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙලීම වේ.
11) යුස්වේන්ද්‍ර චහාල් – රාජස්ථාන් රෝයල්ස්
යුස්වේන්ද්‍ර චහාල් තරඟ 17කදී කඩුලු 27ක් දවාගැනීමට සමත්වූ අතර ඉනිමක හොඳම පන්දු යැවීම ලකුණු 40කට කඩුලු 5ක් බිඳ දැමීමයි. මෙවර තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ද චහල් වේ.
12) කුල්දීප් යාදෙව් – දිල්ලි කැපිටල්ස්
තරඟ 14කදී කඩුලු 21ක් දවාගැනීමට කුල්දීප් යාදෙව් සමත්වී ඇති අතර ඉනික හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වන්නේ ලකුණු 14කට කඩුලු 4ක් බිඳ හෙලීමයි.
තරඟාවලියේ දක්ශතා දැක්වූ ක්‍රීඩකයින් හට ලැබුණු තෑගි මුදල් ප්‍රමාණයන් මෙන්න. (Click කරන්න)