ඉසුරු උදාන ක්‍රීඩා කරන Northern Warriors කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ඨ ජයක්.
(වීඩියෝ එක පහළින්ම නැරඹිය හැක).. 2022 අබුඩාබි T10 තරඟාවලියේ 12 වන තරඟය ලෙස පැවතී තරඟයෙන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් ලබාගැනීමට Northern Warriors කණ්ඩායම සමත්වුණා..
තරඟයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලා ටයිගර්ස් නායක ශකිබ් අල් හසන්, පලමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 117ක් ලබාගැනීමට සමත්වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Evin Lewis වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 15කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 2ක් හා හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව ආරම්භක පිතිකරු Hazratullah Zazai පන්දු 21කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් ලබාගත් අතර, Joe Clarke පන්දු 15කදී හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබාගැනීමට සමත්වුණා..
පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන පන්දුවාර 2 අවසානයේදී ලකුණු 21කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූ අතර, ඔහුගේ පන්දු හමුවේ දැවීගිය ක්‍රීඩකයින් වන්නේ Hazratullah Zazai හා Iftikhar Ahamed වේ.
ඊට අමතරව Mohammed Irfan ලකුණු 12කට හා Wayne Parnell ලකුණු 17කට එක් කඩුල්ල බැඟින් ද ලබාගැනීමට සමත්විය.
අනතුරුව ලකුණු 118ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී Northern Warriors කණ්ඩායම පන්දුවාර 9.2ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 118ක් ලබාගැනීමට සමත්වුණා.
Warriors ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ නායක Rovman Powell පන්දු 28කට මුහුණදෙමින් එක් හතරේ පහරක් හා හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබාගැනීමට සමත්විය.
ඊට අමතරව Sherfane Rutherford පන්දු 11කදී හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබාගැනීමට සමත්වුණා. ආරම්භ පිතිකරු Adam Lyth එක් ලකුණකට හා Kennar Lewis ලකුණු 8කට දැවීගියා.
පන්දු යැවීමේදී ශකිබ් අල් හසන් නියමිත පන්දුවාර 2 අවසානයේදී ලකුණු 20කට කඩුලු 2ක් බිඳ දැමීමට සමත්වූ අතර Benny Howell පන්දුවාර 2 අවසානයේදී ලකුණු 17කට එක් කඩුල්ලක් හා , Rohan Mustafa ලකුණු 35කට එක් කඩුල්ලක් බිඳ දැමීය..
ඒ අනුව, බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ලකුණු කඩුලු 4 කින් පරාජයට පත්කිරීමට Northern Warriors කණ්ඩායම සමත්වූ අතර තරඟයේදී වීරයා සම්මානය දිනාගැනීමට සමත්වූයේ නොදැවී වේගවත් අර්ධ ශතකයක් ලබාගත් Rovman Powell වේ.
ඉසුරු උදාන ලබාගත් කඩුලු 2 වීඩියෝව (Video)
— CricDaily24 (@cricday96) November 27, 2022